Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

මුල් පුවත

  • ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට නව නායකත්වයක්

    13th February 2019 00:18:33 Hours

    ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ හය වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් ඒජේ ගුණවර්ධන ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී 2019 පෙබරවාරි 10 වන දින සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදී.

  • නිහතමානි නායකත්වයක ගෞරවනීය නික්මයාම

    12th February 2019 23:44:48 Hours

    මෙම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් වසර කට ආසන්න කාලයක් රාජකාරි ඉටුකල බ්‍රිගේඩියර් එස්බී කොහොන ජේෂ්ඨ නිලධාරී 2019 මාර්තු මස 10 දින සිය ධූරයෙන් නික්ම යන ලද අතර එම ධූරය බ්‍රිගේඩියර් ඒජේ ගුණවර්ධන ආර්එස්පී ජේෂ්ඨ නිලධාරී වෙත භාරදෙනු ලැබින..

  • ගෞරවනීය සේවයට උපහාර පිදූ වගයි

    23rd January 2019 12:35:55 Hours

    ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවට අයත් නිලධාරී/සෙනීන් විසින් 2018-06-01 සිට 2018-12-31 කාලසීමාව තුලදී රෙජිමේන්තුවට අත්කරදුන් කීර්තිය හා ජයග්‍රහනයන් වෙනුවෙන් ඔවුන් අගයනු වස් ප්‍රණාම සහතික හා උපහාර පිදීමේ උළෙලක් 2018 ජනවාරි 17 දින රෙජිමේන්තු ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

  • වන්නි උරුමය පිළිබඳ යුද්ධ හමුදා නිලධාරීයෙකු විසින් සිදුකල ගවේෂණාත්මක කෘතිය ‘වවුනියාවේ පුරා විද්‍යා උරුමය’ නමින් එළිදක්වයි

    26th December 2018 14:29:20 Hours

    ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මේජර් සරත් ජයවර්ධන විසින් රචිත ‘වවුනියාවේ පුරා විද්‍යා උරුමය’ නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය සඳුදා (17) දින කුරුණෑගල, වැහැරවත්ත ප්‍රදේශයෙහි පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මූලස්ථානයේ දී පැවැත්විණි.

  • සරඹ බිම දිග්විජයකල සරඹ ශූරයින්ගේ අභිමානවත් පුනරාගමනය

    21st December 2018 21:43:42 Hours

    ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සරඹ කණ්ඩායම සිව්වන වතාවටත් යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ ශූරතාවලිය - 2018 හි ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත්වූ බව අභිමාණයෙන් සිහිපත් කරමු.

    යුද්ධ හමුදාවේ රෙජිමේන්තූන්හි සරඹ කුසලතාවයන් ඔප්නංවාලීම මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විනය ඉහලතලයකට ගෙනයාම පදනම්කරගනිමින් ආරම්භවූ මෙම අන්තර් රෙජිමේන්තු සරඹ තරගාවලියෙහිදී සිව්වතාවක් මෙම රෙජිමේන්තුව ශූරතාවයහිමිකරගැනීමට සමත්වීම මෙහිදී කැපී පෙනුනි.

  • SLNG ORGANIZES A SERIES OF 02 DAYS WORKSHOP FOR ITS SENIOR NON COMMISSIONED OFFICERS.

    17th December 2018 21:28:11 Hours

    With the wide scope of its present leader, Major General AWMAWN Ranawana RWP RSP ndcpsc., a series of two-day workshop has been planned to conduct with the means of enhancing the standards and knowledge of the senior non commissioned officers of SLNG Battalions. The 4th stage of the series was held on 13 and 14 September 2018 at the facility complex of Heraliyawalawatte camp with the participation of 105 snr NCOs.

  • ශ්‍රී ලංකා ජාතික ආරක‍්ෂක බලමුළුව සිය අභිමානවත් 28 වන සංවත්සරය සමරයි

    03rd November 2018 23:05:34 Hours

    ශ්‍රී ලංකා ජාතික ආරක‍්ක බලමුළු ඉතිහාසය තුල මෙතෙක් නොවු විරු ස්වර්ණමය යුගයක් පසු කරමින් තම අභිමානවත් 28 වන සංවත්සරය 2018 නොවැම්බර් මස 01 දින උත්කර්ශවත් අන්දමින් සමරණු ලැබීය. යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාව වෙත 1991 නොවැම්බර් මස 01 දින යුද්ධ හමුදාවේ ලාබාලතම සාමාජිකයා වශයෙන් එක් වූ මෙම රෙජිමේන්තුව පසුගිය වකවානුව තුල පැවැති ක්‍රියාන්විතයන් වෙත සිය සක්‍රිය දායකත්වය ලබාදෙමින් රෙජිමේන්තුව ආ ගමන් මග දෙස ආපසු හැරී බැලීමේදී විවිධ අභියෝග කඩඉම් සහ විවිධ සංධිස්ථානයන් රැසක් පසුකරමින් අතිසාර්ථකව 28 වසක් සපිරූ බව සාඩම්බරයෙන් සිහිපත් කරමු.

  • ගාඩියන්ස් මේලා 2018 සංගීත සංදර්ශනය, වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙළිය

    16th October 2018 17:54:29 Hours

    ශ්‍රි ලංකා ජාතික ආරක‍්ෂක බලමුළුව විසින් සාඩමිබරයෙන් පස් වන වරටත් සංවිධානය කල ගාඩියන්ස් මේලා සංගීත සංදර්ශනය, වෙළද ප්‍රදර්ශනය සහ සැණකෙළිය 2018 ඔක්තොම්බර් මස 12 සහ 13 දෙදින තුල මාවතගම සාමෝදය ක්‍රීඩාංගනයේදී අති සාර්ථකව පැවැත්වින.

  • රෙජිමේන්තු මූලස්ථාන බලඇණියට නව දෙමහල් භඨ නිවාසයක්

    03rd August 2018 15:35:05 Hours

    මෙම රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ සෙබළුන්ගේ ප්‍රයෝජනය සදහා අභිනවයෙන් ඉදිකරන ලද නවීන පහසුකම්වලින් පරිපූර්ණ දෙමහල් භඨ නිවාසය 2018 අගෝස්තු මස 03 දින උත්සවාකාරයෙන් සෙබල අයිතියට පත්කරනු ලැබින.

  • ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායකගේ රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ සංචාරය

    07th April 2018 15:56:16 Hours