Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

මුල් පුවත

  • ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නව මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් කර්නල් ඩබ්ලිවිඑම්ඩීඑස්කේ ගුණවර්ධන ආර්එස්පී කේඑස්පී පත්වීම් ලබයි.

    08th April 2021 11:03:02 Hours

    කර්නල් ඩබ්ලිවිඑම්ඩීඑස්කේ ගුණවර්ධන ආර්එස්පී කේඑස්පී ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 08 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් පත්වීම් ලැබීමෙන් පසු 2021 අප්‍රෙල් මස 07 දින මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කරන ලද අතර පවත්නා සෞඛ්‍යමය තත්වය සැලකිල්ලට ගනිමින් නිසි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරමින් ඉතා චාම් උත්සවයක් සංවිධානය කරනු ලැබිණි.

  • ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නව රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ පත්වීම් ලබයි

    15th January 2021 18:32:43 Hours

    මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවගේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 19 වන රෙජිමේන්තු අධිපති වශයෙන් පත්වීම් ලැබීමෙන් පසු 2021 ජනවාරි මස 15 දින මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කරන ලද අතර පවත්නා සෞඛ්‍යමය තත්වය සැලකිල්ලට ගනිමින් නිසි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරමින් ඉතා චාම් උත්සවයක් සංවිධානය කරනු ලැබින.

  • ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු රෙජිමේන්තු අධිපතිගේ 3 ශ්‍රිලංජාආබමු ඒකක සංචාරය

    10th January 2021 23:02:13 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධසේවා ලේකම් සහ ශ්‍රිලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පීජේ ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021 ජනවාරි මස 09 වන දින 3 ශ්‍රීලංජාආබමු ඒකකයන්හී සංචාරයක නිරත විය.

  • රණක්‍ෂිතයට පත් සෙබළුන් තිදෙනකුට නිවාස පරිත්‍යාගයන් සිදු කිරිම

    05th January 2021 16:07:28 Hours

    ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවට අයත් ත්‍රස්තවාදි ප්‍රහාරයන් හේතුවෙන් රණක්‍ෂිතයට පත් නිවසක් නොමැති රණවිරුවන් තිදෙනකු හට යුද්ධ හමුදාපති තුමාගේ විශේෂ සංකල්පයක් මත ක්‍රියාත්මක වන පුර්ණ නිවාස ව්‍යාපෘතියෙහි V වන අධියර යටතේ නිවාස 03ක් යුධ සේවා ලේකම් සහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පි ජේ ගමගේ ආර්ඩබ්පි, ආර්එස්පි, යුඑස්පි, එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් 2021.01.03 දින පහත නම් සදහන් රණවිරුවන් වෙත ප්‍රදානය කරන ලදි.

  • ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නව ඉදිකිරීම් විවෘත කිරීමට හා රණවිරු දූ පුතුන් වෙත පාසල් උපකරණ රැසක් බෙදාදීමට යුද්ධ හමුදාධිපතිතුමන් හා එම මැතිණිය එක් වේ

    29th December 2020 11:03:54 Hours

    කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ නව ඉදිකිරීම් සහ සුභසාධන ව්‍යාපෘති කිහිපයක සමාරම්භය සනිටුහන් කිරීම වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු භටපිරිස් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.

  • ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු රෙජිමේන්තු අධිපති ඒකක සංචාරයක

    15th December 2020 22:16:19 Hours

    ශ්‍රී ලංකා ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පීජේ ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020 දෙසැම්බර් මස 11 සහ 12 යන දෙදින තුළ, 14, 2, 9, 6 සහ 13 යන ශ්‍රීලංජාආබමු ඒකකයන්හී සංචාරයක නිරත විය.

  • නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ වැඩ භාර ගැනීම

    04th January 2020 18:33:03 Hours

    ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 7 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් කේඑම් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් 2019 දෙසැම්බර් මස 30 වන දින යුධ හමුදා චාරිත්ත්‍රානුකූලව සහ මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිය රාජකාරි ආරම්භ කරනු ලැබීය.

  • නායකත්වයක සමුගැන්ම

    04th January 2020 08:36:09 Hours

    ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ වැනි මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් රාජකාරි ඉටු කල බ්‍රිගේඩියර් ඒජේ ගුණවර්ධන ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් 2019 දෙසැම්බර් මස 27 වන දින තම ධූරයෙන් නික්ම යන ලදි. ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුව වෙත කල අසීමිත සේවාව වෙනුවෙන් හෙරළියාවල කදවුරු සරඔ භූමියේදී එතුමන් වෙත අභිමානවත් සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරි නමන ලදි.

  • ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නව නායකත්වයක ඇරඹුම

    07th November 2019 16:41:30 Hours

    ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 17 වන රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරාල් එච්ආර්එන් ප්‍රනාන්දු ආර්එස්පී එන්ඩීසී 2019 නොවැම්බර් මස 07 වන දින යුධ හමුදා චාරිත්‍රානුකුලව සහ මහා සංඝරත්නයේ පිරිත් සඡ්ජායනා මධ්‍යයේ සිය රාජකාරි ආරම්භ කරනු ලැබීය. ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නව රෙජිමේන්තු අධිපති ධූරයට අමතරව එතුමන් දැනට ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ආඥාපති වශයෙන් ද කටයුතු කරනු ලබයි.

  • ගාඩියනස් නිවහනට නව පිවිසුමක්

    31st October 2019 18:39:52 Hours

    ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ හෙරලියාවල කදවුරෙහි නවතමයෙන් ඉදිකරන ලද ප්‍රධාන පිවිසුම් දොරටුව අද දින එනම් 2019 ඔක්තෝබර් මස 31 වන දින 0932 පැයට යෙදුන සුභ මොහොතින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධීපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සුරතින් විවෘත කරන ලදී.