Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

13th December 2021 10:46:23 Hours

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනිතා ශාඛාවෙන් නිරෝගි දිවියකට අත්වැලක්

නිහඩ සේවාවක නිබඳවම නියැලෙන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාව විසින් තවත් කාලීන මෙහෙවරකට පසුගිය දා සිය දායකත්වය දක්වනු ලැබීය.

රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙත පරිත්‍යාගශීලි රොෂාන්ත කිරිඇල්දෙණිය මහතා සහ එම මැතිණිය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ් 19 ආසාධිතයින්ගේ ප්‍රථිකාර සදහා භාවිතා කල හැකි Facial Steamer 45 ක් 2021 දෙසැම්බර් මස 06 වන දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙත භාරදෙන ලදි.

රෝගී වුවන්ගේ නිරෝගීකම සුරකිනු වස් අතිශය ප්‍රයෝජනවත් මෙම උපකරණ තොගය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මිය වෙත රෙම ශ්‍රිලංජාආබමු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී ජානකි ලියනගේ මහත්මිය විසින් භාරදෙනු ලැබීය. එම අවස්ථාවට මෙම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු උප සභාපතිනී එන්කේඑස් ප්‍රියදර්ශණි මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන ඉරේෂා පුංචිනිලමේ මහත්මිය ද සහභාගී විය.