Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

13th July 2021 18:37:26 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නව රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ රාජකාරි අරඹයි

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 20 වන රෙජිමේන්තු අධිපති වශයෙන් 2021 ජුලි මස 13 දින මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කරන ලද අතර පවත්නා සෞඛ්‍යමය තත්වය සැලකිල්ලට ගනිමින් නිසි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරමින් ඉතා චාම් උත්සවයක් සංවිධානය කරනු ලැබින.

නව රෙජිමේන්තු අධිපතිතුමන් මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව් එම් ඩී එස් කේ ගුණවර්ධන ආර්එස්පී කේඑස්පී විසින් පිළිගැනීමෙන් පසු යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව මුර පරීක්ෂාවක් පිරිනමනු ලැබීය. මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ මෙම රෙජිමේන්තු සාමාජිකයින් සිහිකරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිදීමට එතුමන් කටයුතු කරනු ලැබූ අතර පසුව ආගමික වතාවත් මධ්‍යයේ නව ධුරයේ රාජකාරී ආරම්භ කරන ලදී. රෙජිමේන්තු ඉතිහාසයෙහි නව පිටුවක් පෙරලමින් මෙම අවස්ථාව සංකේතවත් කරනුවස් පැලයක් රෝපනය කිරීමට කටයුතු කරනු ලැබීය.

අභිනව රෙජිමේන්තු අධිපති විසින් භඨ පිරිස් ඇමතීමෙන් පසුව රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී සියළු නිලධාරීන් ආමන්ත්‍රණය කරමින් ඉදිරි සැලසුම් පිළිබදව සාකච්ඡා කිරීමටද මෙය අවස්ථාවක් කොට ගනු ලැබීය. මේ සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු මණ්ත්‍රන සභා සමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිළධාරින්, මාණ්ඩලික නිළධාරින්, ඒකක අණදෙන නිළධාරින් ඇතුලු සීමිත පිරිසක් සහභාගී වන ලදි.