Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

09th February 2022 16:11:12 Hours

රෙජිමේන්තු අධිපති රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි නිරීක්ෂණ සංචාරයක

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2022/02/06 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී ප්‍රධාන මුළුතැන්ගෙය, කොනොනි සමාජ ශාලාව සහ සෙසුනිල භෝජණාගාරය එතුමන්ගේ විශේෂ නිරීක්ෂණයට ලක්වූ අතර මෙම ස්ථානයන්හි පහසුකම් තවදුරටත් පුළුල් කිරීම සදහා මේ අවස්ථාවේදී උපදෙස් දෙන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ෂේන් ගුණවර්ධණ ආර්එස්පී කේඑස්පී ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරීන් කිහිප දෙනෙකුද එක්විය.