Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

09th February 2022 16:45:02 Hours

නවීකරණය කරන ලද පොල් කඩන යන්ත්‍රය රෙජිමේන්තු අධිපතිගේ අධීක්ෂණයට

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2022/02/06 දින රෙජිමේන්තු මූලස්ථාන බලඇණියෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

මෙම අවස්ථාවේදී රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එස්එම්පීකේ සමරකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සෘජු අධීක්ෂණය යටතේ නිෂ්පාදනය කරන ලද (ආරක්ෂාව වැඩි දියුණු කල) පොල් ගස් නැගීම සදහා භාවිතා කරන යන්ත්‍රය රෙජිමේන්තු අධිපතිගේ නිරීක්ෂණයට ලක්විය.

දැනට වෙළද පොලෙහි පවත්නා පොල් ගස් නැගීමේ උපකරණයන්ට සාපේක්ෂව උසස් තත්වයෙන් හා වඩාත් ආරක්ෂිතව හා කාර්යක්ෂමව භාවිතා කල හැකි පරිදි රෙජිමේන්තු ඉදිකිරීම් කණ්ඩායමේ භඨ පිරිස් විසින් නිෂ්පාදනය කරන ලද මෙම යන්ත්‍රය රෙජිමේන්තු අධිපතිතුමාගේ නොමද පැසසුමට ලක්විය.

මෙම අවස්ථාවට මෙම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ෂේන් ගුණවර්ධණ ආර්එස්පී කේඑස්පී ඇතුළු රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරීන් කිහිප දෙනෙකුද එක්විය.