Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

මුල් පුවත

  • මියගිය ජ්‍යෙකොනොනිගේ ලගම ඥාතියා වෙත නිවසක් ඉදිකරදීම සඳහා මුල්ගල තැබීම

    24th June 2022 12:07:50 Hours

    වත්මන් යුද්ධ හමුදාපති සහ ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ රෙජිමේන්තු අධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු තුමන්ගේ සංකල්පයක් මත ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළු සේවාවනිතා ඒකකය හරහා ක්‍රියාත්මක වන නිවාස ව්යාපෘතිය යටතේ 10 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුඵවට අයත් සෙ/10කිව්01135 සැරයන් කුමාරදාස ඩබ්එම් (මියගිය) ජ්‍යෙකොනොනිගේ ලගම ඥාතියා වෙත අංගසම්පුර්ණ නිවසක් ඉදිකරදීම සදහා මුල්ගල තැබීමේ උත්සවය කුඩා නෙලුම් කුලම, නෙලුම්කන්නිය, කුඩාකලැත්තෑව, ගල්ගමුව ලිපිනය සදහන් ස්ථානයේදී මෙම රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක වන කර්නල් මංගල නවරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022.06.16 වන දින 1015 පැයට යෙදුන සුභ මොහොතින් සිදුකරන ලදි.

  • නවීකරණය කරන ලද පොල් කඩන යන්ත්‍රය රෙජිමේන්තු අධිපතිගේ අධීක්ෂණයට

    09th February 2022 16:45:02 Hours

    යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2022/02/06 දින රෙජිමේන්තු මූලස්ථාන බලඇණියෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

  • රෙජිමේන්තු අධිපති රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි නිරීක්ෂණ සංචාරයක

    09th February 2022 16:11:12 Hours

    යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2022/02/06 දින රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

  • යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ගෞරවාචාරය

    06th February 2022 17:22:47 Hours

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ 2022 පෙබරවාරි මස 06 දින මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයෙහි නිරත විය.

  • සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහ සභා රැස්වීම

    30th January 2022 21:00:14 Hours

    ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සේවා වනිතා ශාඛා වාර්ෂික මහා සභා රැස්වීම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනි ජානකී ලියනගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන සහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අනුශාසකත්වයෙන් 2022.01.30 වන දින රෙජිමේන්තු දේශණ ශාලාවේදී පවත්වන ලදි.

  • අන්තර් බළඇණි ආධුනික මාර්ග ධාවන තරඟය 2022

    08th January 2022 20:08:25 Hours

    ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අන්තර් බලඇණි ආධුනික මාර්ග ධාවන තරගාවලිය 2022 ජනවාරි මස 07 වන දින කතරගම දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි.

  • ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළු සේවා වනිතා ශාඛාවෙන් නිරෝගි දිවියකට අත්වැලක්

    13th December 2021 10:46:23 Hours

    නිහඩ සේවාවක නිබඳවම නියැලෙන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සේවා වනිතා ශාඛාව විසින් තවත් කාලීන මෙහෙවරකට පසුගිය දා සිය දායකත්වය දක්වනු ලැබීය.

  • 5 වන බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු කදවුරු භුමියේ අභිනවයෙන් ඉදිකරන ලද රණවිරු ස්මාරකය නිරාවරණය කිරිම

    27th September 2021 00:35:51 Hours

    දශක 03 ක් පුරා පැවති කුරිරු ත්‍රස්ථවාදය නිම කිරිම සදහා රටදැය වෙනුවෙන් සටන් වැද මියයන ලද විරෝධාර රණවිරුවන් 83 දෙනෙකු සිහිපත් කිරිම වෙනුවෙන් 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සියළුම නිළයින්ගේ ශ්‍රම දායකත්වයෙන් හා ඒකක අණදෙන නිලධාරි මේජර් එම්වි ප්‍රනාන්දු ශ්‍රිලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය යටතේ ඒකක මුලස්ථාන කදවුරු භුමියේ - තත්තිරිමලය හි ඉදිකරන ලද රණවිරු ස්මාරකය ආරක්ෂක සේනා ආඥාපති ආසේමු (මධ්‍යම) සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවෙහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්එල්විඑම් ලියනගේ ආර්ඩබ්ලිවිපි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් 2021 සැප්තැම්බර් මස 15 වන දින 0930 පැයට යෙදුන සුභ මොහොතින් නිරාවරණය කර මියගිය විරෝධාර රණවිරුවන් පුෂ්පෝපහාරයෙන් පුදන ලදි. (මෙම වැඩසටහන් කටයුතු සෞඛ්‍ය මාර්ග උපදෙස් වලට අනුව සිදුකරන ලදි)

  • ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නව රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරාල් එච්එල්වීඑම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ රාජකාරි අරඹයි

    13th July 2021 18:37:26 Hours

    මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 20 වන රෙජිමේන්තු අධිපති වශයෙන් 2021 ජුලි මස 13 දින මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කරන ලද අතර පවත්නා සෞඛ්‍යමය තත්වය සැලකිල්ලට ගනිමින් නිසි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරමින් ඉතා චාම් උත්සවයක් සංවිධානය කරනු ලැබින.

  • අභිමානවත් නායකත්වයක සමුගැන්ම

    12th July 2021 12:28:42 Hours

    ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ 17 වැනි රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි ඉටු කල මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් 2021 ජුලි මස 11 වන දින තම ධූරයෙන් නික්ම යන ලදි.