Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

15th July 2024 21:52:20 Hours

ප්‍රථම බ්‍රිගේඩියර් වරයා ලෙස රෙජිමේන්තු ඉතිහාසයට එක්වූ බ්‍රිගේඩියර් එන් එච් ජේ මංගල වෙත රෙජිමේන්තු සියලු සාමාජිකයින්ගේ සුභ පැතුම්

ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ වසර 34ක ඉතිහාසය තුල රෙජිමේන්තුව වෙතින් බිහිවු ප්‍රථම බ්‍රි‍ගේඩියර් වරයා ලෙස බ්‍රිගේඩියර් එන් එච් ජේ මංගල ජ්‍යෙෂ්ඨ නිලධාරි පසුගියදා බ්‍රිගේඩියර් නිලයට උසස් වෙමින් රෙජිමේන්තු ඉතිහාසයට එක්විය.

බ්‍රිගේඩියර් නිලයට උසස්වීම් ලද බ්‍රිගේඩියර් එන් එච් ජේ මංගල වෙත යුද්ධ හමුදාධිපති සහ ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු විසින් ඔහුගේ ඉදිරි යුද්ධ හමුදා දිවිය සඳහා සුභ පැතුම් පිරිනමන ලදි.

බ්‍රිගේඩියර් එන් එච් ජේ මංගල ජ්‍යෙෂ්ඨ නිලධාරි වර්ෂ 1991 වු ජනවාරි මස 23 වන දින කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනාව වෙත බැඳී මූලික පුහුණුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය දියතලාව වෙතින් ස්වේච්ඡා පාඨමාලා අංක 15 යටතේ සාර්ථකව හදාරා වර්ෂ 1991 වු දෙසැම්බර් මස 07 වන දින දෙවන ලුතිනන් වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව වෙත ඉතිහාසයේ ප්‍රථම වරට කෙඩෙට් නිලධාරි පාඨමාලාවකින් ඉඳුරාම ඇතුලත් කරන ලද නිලධාරියෙකු ලෙස ඇතුලත්ව 3 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවෙහි රාජකාරි සඳහා එක්වන ලදි.

වසර 33ක ගෞරවාන්විත සේවා කාලයක් සම්පූර්ණ කර ඇති බ්‍රිගේඩියර් එන් එච් ජේ මංගල ජ්‍යෙෂ්ඨ නිලධාරි අණදෙන නිලධාරි - 1 ශ්‍රිලංජාආබමු, සිවිල් සම්බන්ධීකරණ නිලධාරි - 121 පාබසේමු, 141 පාබසේමු, 224 පාබසේමු, සම්බන්ධීකරණ නිලධාරි - රෙම ශ්‍රිලයුකාබ, මානි 1 (පාලන) - භකාස අණසක මුලස්ථානය, මානි 1 (පාලන/භකාස) - 14 පාසේමු, සහකාර සිවිල් සම්බන්ධීකරණ නිලධාරි - ආසේමු (යා), ප්‍රධාන සම්බන්ධීකාරක සිවිල් සම්බන්ධීකරණ නිලධාරි - ආසේමු (කිලි), කර්නල් සම්බන්ධීකරණ නිලධාරි - 62 පාසේමු, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක - රෙම ශ්‍රිලංජාආබමු වශයෙන් ප්‍රධාන තනතුරු රැසක රාජකාරි ඉටුකර ඇති අතර, මේ වන විට ශ්‍රිලංයුහසෙව්බමු බඳවා ගැනීම් නිලධාරි වශයෙන් රාජකාරි කරනු ලබයි.

නිල උසස් කිරීම වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදා සම්ප්‍රදයානුකූලව කඳවුරු සම්මාන මුරයක් පිරිනමමින් පිලිගත් අතර, රණවිරු ස්මාරකය වෙත පුෂ්ප උපහාර දැක්වීමෙන් පසු රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨතම නිලධාරි වශයෙන් භටපිරිස් අමතමින් තම සාර්ථක යුද්ධ හමුදා දිවියේ ලබාගත් අත්දැකීම් බෙදා හදා ගැනීමට කටයුතු කල අතර,පසුව සියලු නිළයින් සමගින් තේ පැන් සංග්‍රහයකටද සහභාගීවන ලදි.

ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළු ඉතිහාසයට එක්වෙමින් නිල උසස්වීම් ලද බ්‍රිගේඩියර් එන් එච් ජේ මංගල ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ඉදිරි යුද්ධ හමුදා දිවිය සාර්ථක වීම සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු සියලුම සාමාජිකයින්ගේ සුභාශිංසනය මෙයින් පිරිනමන වගයි.