Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

08th April 2021 11:03:02 Hours

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නව මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් කර්නල් ඩබ්ලිවිඑම්ඩීඑස්කේ ගුණවර්ධන ආර්එස්පී කේඑස්පී පත්වීම් ලබයි.

කර්නල් ඩබ්ලිවිඑම්ඩීඑස්කේ ගුණවර්ධන ආර්එස්පී කේඑස්පී ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 08 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් පත්වීම් ලැබීමෙන් පසු 2021 අප්‍රෙල් මස 07 දින මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කරන ලද අතර පවත්නා සෞඛ්‍යමය තත්වය සැලකිල්ලට ගනිමින් නිසි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරමින් ඉතා චාම් උත්සවයක් සංවිධානය කරනු ලැබිණි.

නව මධ්‍යස්ථාන සේනාවිධායක නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් පිළිගැනීමෙන් පසු යුද්ධ හමුදා සම්ප්‍රදානුකූලව මුර පරීක්ෂාවක් පිරිනමනු ලැබීය. මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ මෙම රෙජිමේන්තු සාමාජිකයින් සිහිකරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිදීමට එතුමන් කටයුතු කරනු ලැබූ අතර පසුව ආගමික වතාවත් මධ්‍යයේ නව ධුරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

රෙජිමේන්තු භඨපිරිස් විසින් රෙජිමේන්තු සරඹ භූමියේදී අභිමානවත් පෙලපාලියක් පිරිනමමින් සිය ගෞරවය එතුමන් වෙත පිරිනමනු ලැබීමෙන් පසු රෙජිමේන්තු ඉතිහාසයෙහි නව පිටුවක් පෙරලමින් මෙම අවස්ථාව සංකේතවත් කරනු වස් අඔ පැලයක් රෝපණය කිරීමට කටයුතු කරනු ලැබීය.

අභිනව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් වෙත නිළධාරි නිවස්නයේ තේ පැන් සංග්‍රහයක් පිරිනැමු අතර එහිදී සහභාගීවූ නිලධාරීන් සමග සුහද කතාබහක නිරතවීමටද එතුමන් අමතක නොකලේය. පසුව රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී සියළු නිලධාරීන් ආමන්ත්‍රණය කරමින් ඉදිරි සැලසුම් පිළිබදව සාකච්ඡා කිරීමටද මෙය අවස්ථාවක් කොට ගනු ලැබීය.