Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

15th January 2021 18:32:43 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ නව රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරාල් එන්ආර් ලමාහේවගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ පත්වීම් ලබයි

මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවගේ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 19 වන රෙජිමේන්තු අධිපති වශයෙන් පත්වීම් ලැබීමෙන් පසු 2021 ජනවාරි මස 15 දින මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය රාජකාරී ආරම්භ කරන ලද අතර පවත්නා සෞඛ්‍යමය තත්වය සැලකිල්ලට ගනිමින් නිසි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරමින් ඉතා චාම් උත්සවයක් සංවිධානය කරනු ලැබින.

නව රෙජිමේන්තු අධිපතිතුමන් මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් පිළිගැනීමෙන් පසු යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව මුර පරීක්ෂාවක් පිරිනමනු ලැබීය. මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ මෙම රෙජිමේන්තු සාමාජිකයින් සිහිකරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිදීමට එතුමන් කටයුතු කරනු ලැබූ අතර පසුව ආගමික වතාවත් මධ්‍යයේ නව ධුරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

රෙජිමේන්තු භඨපිරිස් විසින් රෙජිමේන්තු සරඹ භූමියේදී අභිමානවත් සම්මාන මුරයක් පිරිනමමින් සිය ගෞරවය එතුමන් වෙත පිරිනමනු ලැබීමෙන් පසු රෙජිමේන්තු ඉතිහාසයෙහි නව පිටුවක් පෙරලමින් මෙම අවස්ථාව සංකේතවත් කරනුවස් පැලයක් රෝපනය කිරීමට කටයුතු කරනු ලැබීය.

අභිනව රෙජිමේන්තු අධිපති විසින් භඨ පිරිස් ඇමතීමෙන් පසු සියළු නිල තේපැන් සංග්‍රහයක් සදහා සහභාගී වූ අතර එහිදී සහභාගීවූ නිලධාරීන් සහ සෙසුනිලයින් සමග සුහද කතාබහක නිරතවීමටද එතුමන් අමතක නොකෙලේය. පසුව රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී සියළු නිලධාරීන් ආමන්ත්‍රණය කරමින් ඉදිරි සැලසුම් පිළිබදව සාකච්ඡා කිරීමටද මෙය අවස්ථාවක් කොට ගනු ලැබීය.