Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

04th January 2020 18:33:03 Hours

නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන්ගේ වැඩ භාර ගැනීම

ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 7 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් බ්‍රිගේඩියර් කේඑම් තිලකරත්න ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් 2019 දෙසැම්බර් මස 30 වන දින යුධ හමුදා චාරිත්ත්‍රානුකූලව සහ මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිය රාජකාරි ආරම්භ කරනු ලැබීය.

අභිමානවත් මුර පිරික්සුමක් පිරිනමමින් එතුමන් පිළිගැනීමෙන් පසුව යුද්ධයේදී මියගිය රණවිරුවන් සිහිකරමින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාරයක් සිදුකල අතර, පසුව හෙරළියාවල කදවුරු භූමියේදී සම්මාන පෙලපාලියක් පිරිනමමින් එතුමන් වෙත ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ආචාරය පිරිනමනු ලැබිය. ඉන් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරනු වස් හෙරලියාවල කදවුරු පරිශ්‍රයේ අඔ පැලයක් රෝපණය කරන ලදි.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින්, නියෝජ්ය මධ්‍යස්ථාන සේනාවිධායක , රෙජිමේන්තු මධ්‍යස්ථාන මාණ්ඩලික නිලධාරීන් සහ අණදෙන නිලධාරීන් ඇතුළු නිලධාරීන් 60 ක් සහ සෙසුනිලයින් 500 ක් පිරිසක් සහභාගී විය.