25th March 2026 21:38:30 Hours
14 වන බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් සෙ/කිව්116561 සාසෙ රාජපක්ෂ පීකේජීඒආර්කේ යන සෙබලා 2026 මාර්තු මස 21 වන දින පදවිය මහජන ක්‍රීඩාංගණයේදී විනාඩි 03 ක් අතුලත පොල්ගෙඩි 10 ක් කටින් ලෙලිගසා සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වන ලදී. මෙහිදි තවත් විශේෂිතම කරුණක් වනුයේ එම සෙබලා විනාඩි 03 ක් ඇතුලත පොල්ගෙඩි 10 ක් කටින් ලෙලි ගැසීමේදී පලමු විනාඩිය තුල පොල් ගෙඩි 04 ක් ලෙලි ගසා ඇති අතර, එයද නව සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් වී ඇත. තවද, මෙම සෙබලා විසින් කි:ග්රෑ: 80 ක බරක් දත් ආධාරයෙන් ඔසවා තවත් සෙරන්ඩිබ් ලෝක වාර්තාවක් පිහිටවු අතර, මෙම ලෝක වාර්තා ත්‍රිත්වයම එකම දිනකදී පැය කිහිපයක් තුල සෙරන්ඩිබ් ලෝක වාර්තා පුද්ගලික ආයතනයේ අධික්ෂණය යටතේ සහ සුවහසක් ජනතාව ඉදිරියේ පිහිටවනු ලැබූ අතර, ඔහු ලෝක වාර්තාවක් පිහිටුවීම සඳහා සහභාගි වු පළමු අවස්ථාවේදීම එම වාර්තා ත්‍රිත්වයම පිහිටුවීමට සමත්විය.
23rd March 2026 19:23:22 Hours
2026 පළමු කාර්තුව සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු නිලධාරී පුහුණු දිනය 2026 මාර්තු 11 වන දින ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් 100 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.
23rd March 2026 19:18:28 Hours
2026 මාර්තු 10 වන දින යුද්ධ හමුදා චාරිත්‍ර අනුව 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ 15 වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් පී ඒ ඒ පී පොන්නම්පෙරුම ශ්‍රිලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි භාරගත් අතර, නව අණදෙන නිලධාරි හට කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදී.
23rd March 2026 19:15:44 Hours
2026 මාර්තු 08 වන දින යුද්ධ හමුදා චාරිත්‍ර අනුව 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරී වශයෙන් මේජර් ඒ එම් එස් අලහකෝන් ශ්‍රිලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි භාරගත් අතර, නව අණදෙන නිලධාරි හට කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදී.
23rd March 2026 19:12:56 Hours
බ්‍රිගේඩියර් එල් රංචගොඩ කේඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 12 වන මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් 2026 මාර්තු මස 06 වන දින මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිය රාජකාරි ආරම්භ කරන ලදි.
23rd March 2026 19:08:12 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එල් ඩබ්ලිව් එස් ආර් වෙත්තසිංහ යන ජ්‍යෙෂඨ නිලධාරි 2026 පෙබරවාරි මස 04 වන දින එම තනතුරෙන් නික්ම ගිය අතර, එම උත්සවයේදී ඔහුගේ ධූර කාලය තුළ සිදු කරන ලද කැපවීම සහ අමිල සේවය වෙනුවෙන් හෘදයාංගම උපහාරයක් පුද කරිමත් සමග නික්ම ගිය මධ්‍යස්ථාන සේනාවිධායක හට සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පිරිනමන ලදි.
02nd February 2026 14:18:13 Hours
16 වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ 13 වන අණදෙන නිලධාරි වශයෙන් නි/5979 ලුතිනන් කර්නල් කේපිපි ගුණරත්න ශ්‍රිලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2026.01.23 වන දින සුභ මොහොතින් ඒකක අණදෙන නිලධාරි තනතුරේ රාජකාරි භාරගන්නා ලදි.
14th October 2024 20:29:58 Hours
කුරුණෑගල, හෙරලියාවල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මූලස්ථාන බලඇණි පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ නව නවාතැන් පහසුකම් ගොඩනැගිලි දෙකක් යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 11) දින සන්ධ්‍යාවේ පැවති උත්සවයකදී විවෘත කෙරිණි.
15th July 2024 21:52:20 Hours
ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ වසර 34ක ඉතිහාසය තුල රෙජිමේන්තුව වෙතින් බිහිවු ප්‍රථම බ්‍රිගේඩියර් වරයා ලෙස බ්‍රිගේඩියර් එන් එච් ජේ මංගල ජ්‍යෙෂ්ඨ නිලධාරි පසුගියදා බ්‍රිගේඩියර් නිලයට උසස් වෙමින් රෙජිමේන්තු ඉතිහාසයට එක්විය.
11th June 2024 10:48:46 Hours
5 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ බලඇණි පුහුණු පාඨමාලාව 2024 මාර්තු මස 18 දින සිට මැයි මස 10 දින දක්වා ගල්කුලම පාබල බලඇණි පුහුණු පාසලේදී පැවැත්විණි.