23rd March 2026 19:15:44 Hours
2026 මාර්තු 08 වන දින යුද්ධ හමුදා චාරිත්‍ර අනුව 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරී වශයෙන් මේජර් ඒ එම් එස් අලහකෝන් ශ්‍රිලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි භාරගත් අතර, නව අණදෙන නිලධාරි හට කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදී.
ආගමික වතාවත් හා චාරිත්‍රානුකූලව සුබ මොහොතින් අණදෙන නිලධාරි රාජකාරි භාර ගත් බැවින්, එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රය තුළ පැළයක් රෝපණය කළේය. ඉන් පසු හමුදාවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සහ එකකයේ අභිවෘද්ධිය සදහා වගකිමෙන් හා කැපවීමෙන් රාජකාරි ඉටු කිරීම පිළිබද ඒකක භට පිරිස් අමතා ප්‍රකාශ කරන ලදි.