08th April 2026 19:30:57 Hours
ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සේවා වනිතා ශාඛාවේ ගරු අනුශාසක තුමන් වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒඑස්බිඩබ්ලිව් පල්ලේකුඹුර ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි සහ සේවා වනිතා ගරු සභාපතිනි කුමාරි පල්ලේකුඹුර මහත්මියගේ උපදෙස් පරිදි 2026 මාර්තු මස 11 වන දින ශ්‍රි ලංකා ජාතික ආරකෂක බළමුළුවට අයත් ක්‍රියාන්විත හේතුන් මත සහ ක්‍රියාන්විත නොවන හේතුන් මත ජාතිය වෙනුවෙන් උත්තරිතර ජිවිත පරිත්‍යාග සිදුකල රණවිරු පවුල් හි සුවදුක් විමසීමේ චාරිකාවක නිරතවන ලදි.
මෙම සංචාරයේදි කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙසෙන රණවිරු පවුල් කිහිපයක් වන දෙවන බළඇණිය ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රාජකාරි කරමින් සිටියදි ක්‍රියාන්විත හේතුන් මත මියගිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින සෙ/2කිව්00776 කෝප්‍රල් ජයවර්ධන කේඒ (මියගිය), සෙ/2කිව්02946 ලාන්ස් කෝප්‍රල් සිසිර කුමාර ඊඑම්එස් (මියගිය) සහ සෙ/2කිව්02518 ලාන්ස් කෝප්‍රල් ප්‍රියන්ත එස්ඒපි (මියගිය) හා ක්‍රියාන්විත නොවන හේතුන් මත මියගිය සෙ/2කිව්01137 කෝප්‍රල් කරුණාරත්න එච්කේ (මියගිය) යන රණවිරුවන්ගේ පවුලේ උදවියගේ සුවදුක් සොයා බැලිමට කටයුතු කරන ලදි.
සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමිය සහ ශාඛාවේ සාමාජිකාවන් කිහිප දෙනෙකු සමගින් එම පවුල්වල සාමාජිකයින් සමග සුහද පිළිසදරක නිරත වෙමින් ඔවුන්ගේ සුවදුක් විමසමින් සහ සැනසීම සහ දිරිගැන්වීම සිදු කරන ලදි. ඔවුන් වෙනුවෙන් අඛණ්ඩ සහයෝගය සහ ඇගයිමේ සළකුණක් ලෙස සංචාරය අතරතුරදි පවුල් වෙත වියලි සලාක මල්ලක් පරිත්‍යාග කරන ලද අතර, රණවරු පවුල් විසින් රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනිය සහ සාමාජිකාවන් උණූසුම් ලෙස පිලිගන්නා ලද අතර, ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සේවා වනිතා ශාඛාව විසින් ඔවුන් වෙත දක්වන ලද අඛණ්ඩ සැලකිල්ල සහ සංචාරය පිළිබද සිය අවංක කෘතඥතාවය පල කරන ලදි.