Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

23rd March 2026 19:18:28 Hours

5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරී ලෙස මේජර් පී ඒ ඒ පී පොන්නම්පෙරුම ශ්‍රිලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි භාර ගැනිම

2026 මාර්තු 10 වන දින යුද්ධ හමුදා චාරිත්‍ර අනුව 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ 15 වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් පී ඒ ඒ පී පොන්නම්පෙරුම ශ්‍රිලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි භාරගත් අතර, නව අණදෙන නිලධාරි හට කඳවුරු සම්මාන මුරයක් ද පිරිනමන ලදී.

ආගමික වතාවත් හා චාරිත්‍රානුකූලව සුබ මොහොතින් අණදෙන නිලධාරි රාජකාරි භාර ගත් බැවින්, එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රය තුළ පැළයක් රෝපණය කළේය. ඉන් පසු හමුදාවේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සහ එකකයේ අභිවෘද්ධිය සදහා වගකිමෙන් හා කැපවීමෙන් රාජකාරි ඉටු කිරීම පිළිබද ඒකක භට පිරිස් අමතා ප්‍රකාශ කරන ලදි.