Header Sinhala

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව

ස්වාර්ථයට පෙර දේශය

15th March 2022 08:55:00 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ‌ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ රෙජිමේන්තු අධිපති තුමන්ගේ රෙජිමේන්තු මුලස්ථාන බළඇණි කඳවුරු සංචාරය

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුඵවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු විසින් 2022/03/12 වන දින රෙජිමේන්තු මුලස්ථාන බළඇණි කඳවුර නිරික්‍ෂණයට ලක්කරන ලදි.

මෙම නිරික්‍ෂණ චාරිකාවේදී ප්‍රධාන මුළුතැන්ගෙය විශේෂ නිරීක්‍ෂණයට ලක්කරන ලද අතර, ආහාර පිසීමේදී අරක්කැමියන්ගේ පිරිසිදුතාවය මෙන්ම අවට ප්‍රදේශය මැස්සන්ගෙන් හා කැලිකසල වලින් තොරව පවත්වාගැනීමටත් ආහාර පිසීමේදී රසවත්ව හා පිරිසිදුතාවය රකිමින් සකස් කිරීමටත් දෛනික කාර්‍ය ය මණ්ඩලය වෙත උපදෙස් ලබා දුන් අතර එහිදි මස් හා මාළු කැපීම සඳහා සකස් කර ඇති ස්ථානය රෙජිමේන්තු අධිපතිගේ ඇගයිමට ලක් විය.