29th May 2026 17:39:25 Hours
වෛද්‍ය බලකා සේවාවනිතා ශාඛාව විසින් වෙසක් උත්සවයට සමගිමීව 2026.05.27 වන දින 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා ඒකකය ඉදිරිපිට සව් දන්සලක් පවත්වන ලදී.
22nd January 2026 14:55:32 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන 36 වන සංවත්සර දිනය 2026 ජනවාරි 15 වන දින ආගමික, ක්‍රීඩා සහ සමාජීය සිදුවීම් මාලාවකින් අභිමානයෙන් සමරනු ලැබූ අතර, එය වෛද්‍ය බලකායේ සේවය, වෘත්තීයභාවය සහ විශිෂ්ටත්වය සඳහා බලකායේ නොනවතින කැපවීම පිළිබිඹු කරයි.
17th January 2026 20:22:09 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කර් නල් සේනාවිධායක මේජර් ජෙනරාල් පිඑස් සුභාත් සංජීව ආර්එස්පි එන්පිඑස් පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණිය වන ඉරාන්ති දිල්රුක්ෂි පෙරේරා මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2026 ජනවාරි 17 වන දින මිහිඳු සෙත් මැදුර - අත්තිඩිය සුවසහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්ෂිතයට පත් වීරෝධාර රණවිරුවන්ගේ සුවදුක් බැලීම සඳහා සංචාරයක නිරතවන ලදි.
22nd December 2025 13:23:30 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 16 වන කර් නල් සේනාවිධායක වශයෙන් මේජර් ජෙනරාල් පී. එස්. සුභාත් සංජීව ආර්එස්පී එන්පීඑස් පීඑස්සී 2025 දෙසැම්බර් 18 වන දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.
22nd December 2025 10:13:04 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිණිය ලෙස ඉරාන්ති දිල්රුක්ෂි පෙරේරා මහත්මිය 2025 දෙසැම්බර් මස 18 වන දින පෙ.ව.0950ට රෙජිමේන්තු මධ්‍යස්ථානය වේරහැර පිහිටි සේවා වනිතා කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරන ලදි.
22nd December 2025 10:07:51 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ "දිට්වා" සුලිකුණාටුවෙන් ආපදාවට පත්වූ නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන් 104 දෙනෙකු හට 2025.12.11 වන දින ඔවුන්ගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ක්ෂණික ආධාර මුදලක් ලෙස රු.1,056,000.00 ක මූලම්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදි.
28th November 2025 09:47:59 Hours
නිලධාරී පුහුණු දිනයක් පැවැත්වීම සඳහා පුහුණු අධ්යක්ෂ මණ්ඩලය විසින් ලබා දුන් උපදෙස් අනුව, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ 4 වන කාර් තුව සඳහා වූ සැසිය 2025 නොවැම්බර් 26 වන දින වේරහැර රෙජිමේන්තු මූලස්ථානයේදී මධ්‍යස්ථාන සේනාවිධායකගේ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ නිලධාරීන් 142 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
08th November 2025 01:49:44 Hours
08th November 2025 01:15:24 Hours
08th November 2025 00:05:28 Hours