Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

ක්‍රීඩා හා මලල ක්‍රීඩා

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකා 33 වන රෙජිමේන්තු දින ක්‍රිකට් තරගාවලි ශුරතාවය රෙජිමේන්තු මධ්‍යස්ථාන කණ්ඩායමට

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය රෙජිමේන්තු මද්‍යස්ථානයට වසර 33 ක් සපිරිම නිමිති කරගනිමින් ක්‍රිකට් තරගාවලියක් 2023.01.04 සහ 05 යන දිනයන්හිදි වේරහැර රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රිඩා පිටියේදි පැවැත්විය

මෙම ක්‍රිකට් තරගාවලියෙහි අවසන් මහා තරගය රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රිකට් කණ්ඩායම හා 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්විය. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බළකාධිපති බ්‍රිගේඩියර් පිඒසි ප්‍රනාන්දු යුඑස්පි සහභාගි විය.

පුරා දින 03 ක් පුරා පැවති මෙම ක්‍රිකට් තරගාවලියෙහි ජය රෙජිමේන්තු කණ්ඩායම විසින් ජයග්‍රහණය කරන ලදී.

Sinhala

4 වන ශ්‍රි ලංකා යුද්ධ හමුද වෛද්‍ය බළකායට ක්‍රිකට් තරගාවලි ජයක්

ආසේමු(යා) බල ප්‍රදේශය තුල ඉනපෙ(උ) යටතේ පාලනය වන ඒකක/රෝහල් අතර සුහඳතාවය නිර්මාණය කිරීම හා ඒකාකාරි රාජකාරී රටාවෙන් මුදවාලීම හා භඨපිරිස් වල මානසික තත්වය ඉහල නැංවීමත් ක්‍රිඩා දක්ෂතාවයන් ඉහල නැංවීම වෙනුවෙන් 2022.02.17 දින පවත්වනු ලැබු සැහැල්ලු පන්දු පිරිමි ක්‍රිකට් තරගාවලියෙන් සියළු කණ්ඩායම් පරාජයට පත් කරමින් විශිෂ්ඨ දක්ෂතා දක්වමින් 4 ශ්‍රිලයුවෛබ ඒකකය ශුරතාවය දිනා ගැනීමට සමත් විය.

ක්‍රිකට් තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස සෙ/652082 කෝප්‍රල් ගුණවර්ධන ඩබ්ආර් සහ තරගාවලියේ වීරයා සම්මාණය සෙ/655429 සාසෙ සුගතපාල ඒපිඑස් විසින් දිනාගන්නා ලදී.

Sinhala