Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

වෛද්‍ය බලකා ඉතිහාසය

ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරමිභය 1863 ජූලි මස 29 වන දිනට සිදු වූ අතර පළමුව ඒය ශ්‍රී ලංකා සැහැල්ලු පාබල රෙජිමේන්තුවේ ස්වෙචිඡා සේවකයන් කොටසක් ලෙස ගිලන් මැසි උසුලන්නන් 07 දෙනෙකුගෙන් ආරමිභ විය. මෙම ගිලන් මැසි උසුලන කණ්ඩායම සදහා අණදෙනු ලැබුයේ ලැබුයේ විශ්‍රාමික ශල්‍ය වෛද්‍ය ටීඑච්එෆ් ටොට්හිල් මහතා ය. මෙය 1911 දී ස්වාධීන බලකායක් බවට පත් වූ අතර ඒය ලංකා ස්වෙචිඡා වෛද්‍ය බලකාය නමින් හැදින් විය.

ලංකාවට නිදහස ලැබීමෙන් පසුව, 1949 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පිහිටුවන ලදි. 1950 දී ලංකා යුද හමුදා බලකායේ 1 වන බලඇණිය, ලංකා හමුදාවේ නිත්‍ය බලකායක් ලෙස නිර්මාණය කරන ලදී. මේ සමඟ ස්වේච්ඡා සේවකයෝ දෙවන බලඇණිය බවට පත් වූහ.

ලුතිතන් කර්නල් එච්.සී. සේරසිංහ OBE නිත්‍ය වෛද්‍ය බලකායේ ප්‍රථම අණදෙන නිලධාරියා විය. මුල් අවස්ථාවෙදි මෙය නිලධාරීන් තිදෙනකුගෙන් සහ අනිකුත් සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත වූහ. එවකට කොළඹ රාජකීය හමුදා වෛද්‍ය බලකායේ හමුදා රෝහල ඇඳන් 10 ක් සහිතව වෛද්‍ය නේවාසික මධ්‍යස්ථානයක් ලෙස විවෘත කරන ලදී. ඉතා ඉක්මනින් මෙය ඇඳන් 30 කින් යුත් රෝහලක් ලෙස උසස් කරන අතර ඒ සමගම දියතලාවෙහි වෛද්‍ය මධ්‍යස්ථානයක් විවෘත කරන ලදී. පසුව එය යුද්ධ හමුදා මූලික රෝහලක් බවට පත්කරන ලදි.

1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්විමෙන් අනතුරුව මෙය ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය ලෙස නම් කරන ලදී. 1983 පලාලි හි පිහිටි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයත්, පනාගොඩ යුධ හමුදා ජනපදය තුල තිබු ප්රතිකාර මධ්ය්ස්ථානය යුද හමුදා මූලික රෝහල බවට පත් කරන ලදි.

කොළඹ හමුදා රෝහල 1988 දී පුළුල් කරන ලදී. ඉන් ඉක්බිතිව රාගම පුනරුත්ථාපන ආයතනය "රණවිරු සෙවණ"නමින් ගොඩනැගීම සිදු විය. වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයේදී 1990 ජනවාරි 15 වන දින පිහිටුවන ලදී. 1997 වස‍රේ අනුරාධපුර නගරය තුළ යුධ හමුදා රෝහල පිහිටුවන ලදී.

1999 දී ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ 3 වන බලඇණිය අනුරාධපුරයේදී පිහිටවූ අතර 2001 දී යුධ හමුදා හෙද පුහුණු පාසල ද අනුරාධපුරයේහිම ස්ථාපිත කරන ලදී. 2007 නොවැම්බර් මස ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ 4 වන බලඇණිය පනාගොඩ දී පිහිට වූ අතර පසුව පලාලි වාසවිලාන් හි ස්ථාපිත කරන ලදි. ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ 5 වන බලඇණිය 2010 අප්‍රේල් මස පනාගොඩ දී පිහිට වූ අතර 2010 දෙසැම්බර් මාසයේ දී හබරණ හි ස්ථාපිත කරන ලදි.

වර්තමානයේ ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය නිත්‍ය ඒකක‍යන් 04 ක් සහ ස්වේච්ඡා ඒකකයකින් සමන්විත වේ. වෛද්‍ය බලකායේ වත්මන් බලකාධිපතිවරයා වන්නේ බ්‍රිගේඩියර් පීඒසි ප්‍රනාන්දු යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි වන අතර, වර්තමාන මධ්‍යස්ථාන සේනාවිධායක වනුයේ බ්‍රිගේඩියර් ටීඑම් හෙට්ටිආරච්චි ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි ය.