Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

රෙජිමෙින්තු මධ්‍යස්ථානය

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය

එවකට පැවති ඒකකවල නිළධාරීන් සහ සෙසු නිළයින්ගේ පාලන කටයුතු ඒකක වශයෙන් වෙන වෙනම සිදූකිරීමේදි ඉදුරාම යුද හමුදා මුලස්ථානය සමග සමිබන්ධවීමේදි ඇතිවන ගැටළු වලක්වා ගැනීම සඳහාත්, එම පාලන කටයුතු එක් ස්ථානයක් යටතේ වඩාත් විනිවිධභාවයෙන් සිදූකිරීම සඳහාත් 1990 වර්ෂයේ ජනවාරි 15 වන දින රෙජිෙමින්තු මධ්‍යස්ථානය බාලදක්ෂ මාවත කොළඹ 03 හීදී, 1 ශ්‍රීලයුවෛබ ඒකකයට අයත් ගොඩනැගිල්ලක ස්ථාපනය කරන ලදි. එහි පළමු බළකාධිපති වශයෙන් නි/50332 මේජර් ජෙනරල් සී තුරෙයිරාජා (විශේෂඥ වෛද්යන, විකිරණෙවිදී) යන ජ්‍යෙෂ්ඨ නිළධාරි පත්වු අතර, මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් නි/50622 කර්නල් ඒබීඒආර් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ නිළධාරි කටයුතු කරන ලදි. ප්‍රථම විධායක අධිකාරි ලෙස මේජර් එමිඒඩීඩී ගුණතිලක පත්වුහ. සෙ/84407 බනි 1 ජිආර් මුදලිරත්න රෙජිමේන්තු බලලත් නිළධාරි ලෙස කටයුතු කරන ලදි.

බාලදක‍ෂ මාවත කොළඹ 03 හි පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානය, 2006.05.18 දින යුද හමුදා ජනපදය, පනාගොඩහිදි ශ්‍රිලයුසේබ ට අයත් ගොඩනැගිල්ලක ස්ථාපනය කරන ලද අතර, යුද්ධ හමුදා මුලස්ථානයේ සිට යුහ ජනපදය පනාගොඩ වෙත රැගෙන එන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය, 2015.10.15 රෙජිමේන්තුවෙහි පාලනමය කටයුතු නිසියාකාරව කරගෙන යාම සදහා බොරලැස්ගමුව වේරහැර ප්‍රදේශයේ මොටර් රථ ප්රෙවාහන සේවා දෙපාර්තුමේන්තුව ආසන්නයේ වු රජයට අයත් ඉඩමක වෛද්‍ය බලකාය ස්ථාපිත කරන ලදි. පසුව 2018.01.15 දින සියලූම කාර්යාල පහසුකම් සහිත නවතමයෙන් කල දෙමහල් ගොඩනැගිල්ල වෙත ස්ථාපිත වන ලදි.