22nd December 2025 10:07:51 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ "දිට්වා" සුලිකුණාටුවෙන් ආපදාවට පත්වූ නිලධාරින්, සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන් 104 දෙනෙකු හට 2025.12.11 වන දින ඔවුන්ගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ක්ෂණික ආධාර මුදලක් ලෙස රු.1,056,000.00 ක මූලම්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදි.
මෙම වැඩසටහන ආරක්ෂක සේනා ආඥාපති (වන්නි) මෙන්ම වෛද්‍ය බලකා කර් නල් සේනාවිධායක මේජර් ජෙනරාල් නේඑම්පිඑස්බි කුලතුංග ආර්එස්පි එන්ඩිසි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ ගරු උප සභාපතිණිය වන වෛද්‍ය අයේෂා ප්‍රේමරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ සේවා වනිතා සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වේරහැරදී සිදුකරන ලදි.
එම අවස්ථාවේදී ආපදාවට ලක් වූවන් සඳහා වූ අදාල චෙක්පත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනිය වන වෛද්‍ය අයේෂා ප්‍රේමරත්න මහත්මිය විසින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒපිඒඩිඩි ධර් මකීර් ති ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාට හට භාරදුන් අතර, අදාල මුදල් පීඩාවට පත් සාමාජිකයින්ගේ ගිණුම් වෙත සෘජුවම ගිණුම් ගත කිරිමට නියමිතය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ උප සභාපතිණියගේ සහ සාමාජිකාවන්ගේ කැපවීම සහ උනන්දුව තුලින් මෙම ත්‍යාගශීලි දායකත්වය ලබා දිමට හැකිවූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධන සඳහා සේවා වනිතා ශාඛාවේ අඛන්ඩ කැපවීම මනාව පිළිබිඹු කරයි.