01st October 2024 14:51:01 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ 4 වන සභාපතිනිය ලෙස ආර්එම් කල්‍යාණි විජේරත්න මහත්මිය 2024 සැප්තැම්බර් 27 වන දින වේරහැර ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආගමික වතාවන් මැද චාම් උත්සවයකින් පසු ලිපි අත්සන් තබමින් සිය රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.
01st August 2024 10:07:43 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නව බලකාධිපති ලෙස රාජකාරි භාරගන්නා ලද මේජර් ජෙනරාල් ඩිකේඑස්කේ දොලගේ යුඑස්පි පිඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරිතුමන් 2024 ජුල මස 23 වන දින 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකා කඳවුරෙහි නිල සංචාරයක නිරත විය.
19th July 2024 13:19:05 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාසේවා වනිතා ශාඛාවේ 3 වන සභාපතිනිය ලෙස ලිලන්ති දොලගේ මහත්මිය 2024 ජූලි 18 වන දින වේරහැර ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආගමික වතාවන් මැද චාම් උත්සවයකින් පසු ලිපි අත්සන් තබමින් සිය රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.
12th July 2024 15:16:55 Hours
මේජර් ජෙනරාල් ඩී කේ එස් කේ ඩොලගේ යූඑස්පී පීඑස්සී 2024 ජූලි 10 වන දින ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 14 වන කර්නල් සේනාවිධායක ලෙස වැඩ භාර ගත් අතර එය ආගමික වතාවත් සහ යුද්ධ හමුදා චාරිත්රානුතුලව සහ විධිමත් හමුදා සම්ප්‍රධායන් අනුව සිදුවිය.
01st July 2024 15:32:14 Hours
වෛද්‍ය බළකා සේවාවනිතා ශාඛාව හා යුද්ධ හමුදා රෝහල විසින් පොසොන් පොහොය නිමිත්තෙන් බැති ගී ප්‍රසංගයක් හා දන්සැලක් 2024.06.19 දින 1800 පැයට යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රෙය්දී වෛද්‍ය බළකා බළකාධිපතිතුමාගේ හා සේවාවනිතා සභාපති තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.
28th June 2024 11:38:56 Hours
2024 වර්ෂයේ දෙවන කාර්තුවට අදාල නිළධාරි පුහුණු දින වැඩමුළුව මෙම රෙම බළකාධිපති, ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ නිළධාරි/නිළධාරිණියන්ගේ සහභාගිත්වයෙන් 2024.06.26 වන දින රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණ.
09th May 2024 12:51:05 Hours
යුද්ධ හමුදා භකාස අණසකහි අඥාපති මේජර් ජෙනරාල් එම්.ඩබ්ලිව්.ටී.සී මෙත්තානන්ද යුඑස්පි එන්ඩිසි 2024 මැයි 08 වන දින ශ්‍රි ලංකා යුධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පාලන පරීක්ෂාව සඳහා පැමිණි අතර, යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව භකාස අණසක අඥාපති වෙත කඳවුරු සම්මාණ මුරයකින් සිය ආචාර පිරිනමන ලදී.
26th April 2024 09:11:13 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් එම්පිඑස්ආර් අමරසේකර යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරී 2024 අප්‍රේල් මස 22 වන දින වේරහැර රෙජිමේන්තු මූලස්ථානයේ දී වැඩ භාර ගන්නා ලදී.
09th April 2024 14:37:18 Hours
ආධුනික කාන්තා පුහුණු පාඨමාලා අංක - 81 හි විසිර යාමේ පෙළපාලිය මාර්තු මස 22 වන දින පනාගොඩ පිහිටි ශ්‍රි ලංකා කාලතුවක්කු (SLA) රෙජිමේන්තු පුහුණු පාසලේදී පැවැත්විණි. පාඨමාලා කාලය 2023 සැප්තැම්බර් 11 සිට 2024 මාර්තු 22 දක්වා මාස හයක් විය.
14th March 2024 14:33:55 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සාමාජිකයින්ගේ ආපදා කළමණාකරන සුදානම වැඩිදියුණු කිරීම උදෙසා හදිසි ආපදා කළමණාකරන වැඩමුළුව 2024 පෙබරවාරි 26 වන දින සිට 2024 මාර්තු මස 01 වන දින දක්වා යුද්ධ හමුද වෛද්‍ය සේවා අධ්‍යක්ෂක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ, 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා වේරහැර කඳවුරු පරිශ්‍රෙය්දි පවත්වන ලදි.