Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

01st July 2024 15:32:14 Hours

යුද්ධ හමුදා රෝහලෙහි පොසොන් දින බැති ගී ප්‍රසංගය හා දන්සල

වෛද්‍ය බළකා සේවාවනිතා ශාඛාව හා යුද්ධ හමුදා රෝහල විසින් පොසොන් පොහොය නිමිත්තෙන් බැති ගී ප්‍රසංගයක් හා දන්සැලක් 2024.06.19 දින 1800 පැයට යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රෙය්දී වෛද්‍ය බළකා බළකාධිපතිතුමාගේ හා සේවාවනිතා සභාපති තුමියගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මේ සඳහා වෛද්‍ය බළකායේ බළකාධිපති මේජර් ජෙනරාල් පිඒසි ප්‍රනාන්දු යුඑස්පි හා වෛද්‍ය බළකා සේවාවනිතා සභපතිනිය වන විශේෂඥ වෛද්‍ය නිල්මිණි ප්‍රනානදු මැතිනිය, වෛද්‍ය බළකායේ හිටපු බලකාධිපති වන විශ්‍රාමික මේජර් ජෙනරල් එස්එච් මුණසිංහ ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වි යුඑස්පි හා වෛද්‍ය බළකා සේවාවනිතා ශාඛාවේ හිටපු සභාපතිනිය වන බ්‍රිගේඩියර් ඩිටිඑන් මුණසිංහ යුඑස්පි මැතිණිය, මධ්‍යස්ථාන සේනාවිධායකතුමා, කලමනාකරණ නඩත්තු අධ්‍යක්ෂකතුමා හා යුද්ධ හමුදා රෝහල් අධ්‍යක්ෂක තුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් මෙන්ම වෛද්‍ය බළකා සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් හා ෙවෙද්‍ය බළකායේ නිළධාරී/සෙසුනිලයින් 800 ක් පමණ මෙම වැඩසටහන සඳහා සහභාගී විය.