Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

19th July 2024 13:19:05 Hours

ශ්‍රි ලංකා යුද හමුදා වෛද්‍ය බළකා සේවාවනිතා ශාඛාවේ නව සභාපති සිය ධූරයේ වැඩ භාර ගනී.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාසේවා වනිතා ශාඛාවේ 3 වන සභාපතිනිය ලෙස ලිලන්ති දොලගේ මහත්මිය 2024 ජූලි 18 වන දින වේරහැර ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආගමික වතාවන් මැද චාම් උත්සවයකින් පසු ලිපි අත්සන් තබමින් සිය රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රිලයුවෛබ සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් රැසක් ද සහභාගී විය.