19th May 2025 11:02:13 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ (ශ්රිලංයුහසේව්බමු) සේනාවිධායක මෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර් නල් සේනාවිධායක මේජර් ජෙනරාල් D K S K දොලගේ USP nps psc ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2025 අප්‍රේල් මස 28 සිට 30 දක්වා උතුරු ප්‍රදේශයේ නිල සංචාරයක නිරත විය. එහිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරී ශ්රිලයුවෛබට අයත් කඳවුරු පරීක්ෂාව සහ භඨ පිරිස්වල සුභසාධක කටයුතු පිළිබද සොයා බලන ලදී.
29th April 2025 12:14:15 Hours
2020 සිසු හෙද කණ්ඩායම සඳහා වන නිල හිස්වැසුම් පැළඳවීමේ උත්සවය 2025 අප්‍රේල් මස 3 වන දින අනුරාධපුර හෙරිටේජ් හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලද අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍යසේවා අධ්යක්ෂ බ්‍රිගේඩියර් කේ.ජී.කේ.එච්. විජේවර් ධන ආර් එස්පි යූඑස්පි සහභාගී විය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය් හෙද අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සහ හෙද ක්ෂේෂේත්රයේ අනෙකුත් ඉහළ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
11th April 2025 13:27:04 Hours
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ 1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය එක්ව 2025 අප්‍රේල් මස 10 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රිඩාංගනයේදි බක්මහ සැනකෙළියක් පවත්වන ලදී.
11th April 2025 08:48:37 Hours
වෛද්‍ය බලකා සේවාවනිතා ශාඛාවේ අනුග්‍රහයෙන් යුද්ධ හමුදා රෝහල විසින් ලේ දන්දීමේ කදවුරක් කොළඹ යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදි 2025.04.03 දින පවත්වන ලදී.
01st April 2025 10:29:01 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය 2025 වසරෙහි පලවන නිළධාරී පුහුණු දිනය ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ජා බලසේනා මුලස්ථාන සේනාවිධායක හා ශ්‍රි ලංකා යුද්ධ හමුද වෛද්‍ය බළකායේ බළකාධිපති මේජර් ජෙනරාල් ඩී කේ එස් කේ දොලගේ යුඑස්පි එන්පිඑස් පිඑස්සී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් පි ඒ ඩි ඩි ධර් මකිර් ති ආර් ඩබ් පි ආර් ඒස් පි යුඑස්පි පිඑස්සි පිටිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ගේ මගපෙන්වීම යටතේ පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් ලබා දී ඇති උපදෙස් අනුව, 2025 මාර් ු 20 වන දින නිලධාරීන් 130 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් වේරහැර රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදී.
01st April 2025 10:15:27 Hours
වෛද්‍ය බළකා සේවාවනිතා ශාඛාවේ පහලොස්වන මහසභා රැස්වීම 2025.03.22 දින 0900 පැයේ සිට 1300 පැය දක්වා වෛද්‍ය බළකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණිය වන ආර් එම් කළ්‍යාණි විජේරත්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි
25th February 2025 16:28:15 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 35 වන සංවත්සරය 2025 ජනවාරි මස 15 වන දින වේරහැර රෙජිමේන්තු මූලස්ථානයේදී යුද්ධ හමුදා චාරිත්‍රානුකුලව පවත්වන ලදී.
15th February 2025 17:22:59 Hours
දකුණු සුඩානයේ ක්‍රියාත්මක ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරි කටයුතු ආරම්භ කිරීම සඳහා 11 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම බ්‍රහස්පතින්දා (13) දින දිවයිනෙන් පිටව යන ලදී.
15th February 2025 12:32:41 Hours
දකුණු සුඩානයේ, බෝර් හි දෙවන මට්ටමේ රෝහලේ සේවයේ නියුතුව සිටි නිලධාරින් 9 දෙනෙකු සහ සෙසුනිලයන් 42 දෙනෙකුගෙන් සමන්විත 10 වන යුද්ධ හමුදා වෛද්‍ය බලකා කණ්ඩායම වසරක කාලසීමාවක සිය රාජකාරි නිමාවෙන් පසුව 2025 පෙබරවාරි මස 11 දින ශ්‍රි ලංකාවට පැමිණියහ. තවත් නිලධාරින් 07 දෙනෙකු සහ සෙසුනිලයන් 05 දෙනෙකු දකුණු සුඩානයේ සේවයේ නිරතව සිටින අතර ඔවුන් ද නුදුරේදී මෙරටට පැමිණීමට නියමිතව ඇත.
15th February 2025 11:47:22 Hours
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් යටතේ ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය විසින් පවත්වාගෙන යනු ලබන දෙවන මට්ටමේ රෝහලෙහි සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යාමට නියමිත 11 වන වෛද්‍ය කණ්ඩායමට වේරහැර ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී සුබ පැතුම් පිරිණැමීමේ උත්සවයක් 2025 ජනවාරි මස 31 දින පැවැත් විය.