22nd December 2025 10:13:04 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිණිය ලෙස ඉරාන්ති දිල්රුක්ෂි පෙරේරා මහත්මිය 2025 දෙසැම්බර් මස 18 වන දින පෙ.ව.0950ට රෙජිමේන්තු මධ්‍යස්ථානය වේරහැර පිහිටි සේවා වනිතා කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරන ලදි.
වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනිය වන අයේෂා ප්‍රේමරත්න මහත්මිය විසින් මල් කළඔක් දී ඇයව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.ඉන් අනතුරුව ආගමික වතාවත් වලින් පසු ඇය සිය ධුර කාලයේ කටයුතු ආරම්භ කරන ලදි.
මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගි වන ලදි.
සිය නායකත්ව ගමන ආරම්භ කරන ඉරන්ති දිල්රුක්ෂි පෙරේරා මැතිණිය වෙත පැමිණ සිටි සියළු අයවළුන් උණුසුම් සුභපැතුම් එක් කල අතර, ඇයගේ දර්ශණය හා කැපවීම සේවා වනිතා ශාඛවේ ඉදිරි ප්‍රගමනය සඳහා ඉමහත් උපකාරයක් වනු ඇති බවට විශ්වාසය පල කරන ලදි.