17th January 2026 20:22:09 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා කර් නල් සේනාවිධායක මේජර් ජෙනරාල් පිඑස් සුභාත් සංජීව ආර්එස්පි එන්පිඑස් පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණිය වන ඉරාන්ති දිල්රුක්ෂි පෙරේරා මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2026 ජනවාරි 17 වන දින මිහිඳු සෙත් මැදුර - අත්තිඩිය සුවසහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්ෂිතයට පත් වීරෝධාර රණවිරුවන්ගේ සුවදුක් බැලීම සඳහා සංචාරයක නිරතවන ලදි.
මෙහිදී රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ විනෝදාස්වාදය සඳහා වෛද්‍ය බලකා අධිරිද්ම කණ්ඩායම සංගීතයෙන් රසවත් කල අතර, රණවිරුවන් සඳහා ප්‍රනීත දිවා ආහාර වේලක් සහ ඔවුන්ට අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාගයක්ද සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා වෛද්‍ය බලකා මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් හා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ඇතුළු නිලධාරි/ නිලධාරිණියන් රැසක් සහභාගි වන ලදි.