Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය

විපතේදී පිහිට

22nd December 2025 13:23:30 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නව කර් නල් සේනාවිධායක රාජකාරි අරඹයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 16 වන කර් නල් සේනාවිධායක වශයෙන් මේජර් ජෙනරාල් පී. එස්. සුභාත් සංජීව ආර්එස්පී එන්පීඑස් පීඑස්සී 2025 දෙසැම්බර් 18 වන දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

නව කර් නල් සේනාවිධායක වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. අනතුරුව නව කර් නල් සේනාවිධායක වෙත සම්මාන මුරයක් සහ උත්තමාචාර පෙළපාලියක් පිරිනමන ලදී.

ඉන් අනතුරුව කර් නල් සේනාවිධායක කාර් යාලයේ පැවති කෙටි ආගමික වතාවත්වලින් පසුව, පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මංගල මොහොතින් නිල ලේඛනයකට අත්සන් තබමින් මේජර් ජෙනරාල් සුභාත් සංජීව ආර්එස්පී එන්පීඑස් පීඑස්සී විසින් රාජකාරී ආරම්භ කරන ලදී. මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරීම ද සිදු විය.

නිලධාරීන් සහ සෙසු නිලයන් අමතමින් නව කර් නල් සේනාවිධායක ප්‍රකාශ කළේ බලකායේ අරමුණු, දැක්ම සහ මෙහෙවර සාක්ෂාත් කර ගැනීම සඳහා සැමගේ කැපවීම සහ සාමූහික සහයෝගය අත්‍යවශ්‍ය බවයි. මෙම වැඩසටහන සියලු නිල තේ පැන් සංග්‍රහයකින් අවසන් විය.