16th March 2018 19:35:13 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් ළමුන් 25 දෙනෙකු සදහා පාපැදි බෙදාදිමේ විශේෂ උත්සවයක් 2018.03.14 වන දින මිගමුව ඔරින්ට් සිංහ සමාජයේ පුර්ණ අනුග්‍රහය ඇතිව කිලිනොච්චි සහයෝගිතා මධ්‍යස්ථානය තුලදි පවත්වන ලදි.
07th March 2018 18:56:41 Hours
කිලිනොච්චි ප්‍රදේශයේ ජිවත්වන තොරාගත් අඩු ආදායම් ලාභි පවුල්වල දරු දැරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල නැන්විමේ අරමුණින් යුතුව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ සංකල්පයක අනුව ගුණජය සතුට පදනමේ පුර්ණ අනුග්‍රහය ඇතිව පාපැදි හා පාසල් උපකරණ බෙදාදිමේ උත්සවයක් 2018.03.06 වනදි නෙලුම්පිය ශ්‍රවණාගාරය තුලදි පවත්වන ලදි.
02nd March 2018 17:45:07 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ සංකල්පයකට අනුව කිලිනොච්චි බළප්‍රදේශයේ රාජකාරි නියුතු භඨපිරිස් වෙත මෙළ භාෂා ප්‍රවීණතා පාඨමාලා පවත්වන ලදි.
24th February 2018 10:20:37 Hours
ශ්‍රි ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු සයිඩ් මක්සුමුල් හකිම් ජ්‍යෙෂ්ඨ නිළධාරි 2018.02.17 වන දින ආරක්ෂක සේනා මුලස්ථානයකිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් හමු වු අතර මෙහිදි ආඥාපති තුමා විසින් කිලිනොච්චි ප්‍රදේශය තුල යුධ හමුදාව විසින් සිදුකරන ප්‍රජාසත්කාර වැඩසටහන් පිලිබදව ආරක්ෂක උපදේශක කොමදෝරු සයිඩ් මක්සුමුල් හකිම් ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් දැනුවත්කරන ලදි.
17th February 2018 11:37:18 Hours
ශ්‍රි ලංකා රග්බි සංවර්ධන කමිටුවේ සභාපති හිටපු යුද්ධ හමුදාපති ජෙනරල් දයා රත්නායක ජ්‍යෙෂ්ඨ (විශ්‍රාමික) නිළධාරි තුමන් සහ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් හා එක්ව කිළනොච්චි ප්‍රදේශයේ පාසල් සිසුන් සහ යුද්ධ හමුදා සෙබළුන් අතර රග්බි ක්‍රිඩාව ප්‍රවර්ධනය කිරිමේ වැඩසටහනක් ආරම්භ කරන ලදි.
15th February 2018 16:03:10 Hours
ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති තුමාගේ උපදෙස්වලට අනුව මෙම මුලස්ථානයෙහි රාජකාරි නියුතු නි/ සෙනින්ගේ ප්‍රයෝජනය සඳහා සෙබළුන්ගේ ශ්‍රමදායකත්වයෙන් නවතමයෙන් ඉදිකරන ලද මැහුම් හල, සපතේරු හල සහ කරණවෑමි හල 2018.02.14 වන දින සුභ මොහාතින් ආඥාපති මේජර් ජෙනරාල් ඒ කාරියකරවන යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් විසින් විවෘත කරන ලදි.
30th January 2018 22:06:40 Hours
ආරක්ෂක සේනා කිලිනොච්චි ආඥාපති තුමාගේ සංකල්පයකට අනුව ආඥාපති තුමාගේ ආරාධනය පරිදි ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේඛම් මුගුණුවල අනුරුද්ධ හිමි, මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී සරණංකර හිමි, මැලේසියාවේ මහකරුණා බෞද්ධ සංවිධානයේ සභාපති ජැකොබ් චෑන් මහතා සහ ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ සාමාජිකයින්ගේ පරිත්‍යාගයෙන් කිලිනොච්චි තුණුක්කායි සහ පූනකරි ජයපුරම් ප්‍රදේශයන්හි අඩු ආදායම්ලාභි පවුල්වල සිටින පාසල් ළමුන් හට පාසල් බෑග් සහ පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් 2018.01.28 වන දින 66 සේනාංකය සහ 65 සේනාංකයන්හි අධීක්ෂණය යටතේ මල්ලාවි මහා විද්‍යාලයේදී හා ජයපුරම් මහා විද්‍යාලයේදී පවත්වන ලදි.