Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

02nd March 2018 17:45:07 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි වෙතින් පැවැත්වු දෙමළ භාෂා අදියර 04 පාඨමාලාවේ සමාරම්භකයේ සහතික පත් ප්‍රධානය

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ සංකල්පයකට අනුව කිලිනොච්චි බළප්‍රදේශයේ රාජකාරි නියුතු භඨපිරිස් වෙත මෙළ භාෂා ප්‍රවීණතා පාඨමාලා පවත්වන ලදි.

මෙහි අරමුණ වූයේ කිලිනොච්චි රාජකාරි නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දෙමළ භාෂා කුසලතාවය වර්ධනය කිරිම සහ බාධාවකින් තොරව කාර්යක්ෂම සේවාව ඉටුකිරිමත් සිවිල් ජනතාව අතර සංහිදියාව ඇති කිරිමද වේ.

පසුගිය මාස 09 ඇතුලත යුද්ධ හමුදා සාමාජිකයින් 3103 දෙනෙකු දෙමළ භාෂා පාඨමාලාව සාර්තකව හදාරා ඇති අතර, මෙවර පාඨමාලාව සඳහා යුද්ධ හමුදා භඨපිරිස් 750 දෙනෙකු සහභාගිවු බැවින් පාඨමාලාවේ පලමු 10 දෙනාට උත්සවයට සහභාගිවු ආරාධිත අමුත්තන් විසින් සහතික පත් ප්‍රධානය කරන ලදි.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරිය කරවන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් පැමිණි අතර, කිලිනොච්චි දිස්ත්‍රික් අතිරේක ලේඛම් එස් සත්තියසීලන්, කිලිනොච්චි සහ මුලතිවු නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න, ඉදිරිනඩත්තු පෙදෙස (කිලිනොච්චි ආඥාපති), ක්‍රිස්තියානි,හින්දු,ස්ලාම් පූජක තුමන්ලා සහ බළසේනාධිපති වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහභාගි වන ලදි.