Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

17th February 2018 11:37:18 Hours

යුද්ධ හමුදාව සංවිධානය කල රග්බි පුහුණු කඳවුර.

ශ්‍රි ලංකා රග්බි සංවර්ධන කමිටුවේ සභාපති හිටපු යුද්ධ හමුදාපති ජෙනරල් දයා රත්නායක ජ්‍යෙෂ්ඨ (විශ්‍රාමික) නිළධාරි තුමන් සහ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් හා එක්ව කිළනොච්චි ප්‍රදේශයේ පාසල් සිසුන් සහ යුද්ධ හමුදා සෙබළුන් අතර රග්බි ක්‍රිඩාව ප්‍රවර්ධනය කිරිමේ වැඩසටහනක් ආරම්භ කරන ලදි.

මෙම රග්බි වැඩසටහන යටතේ ශ්‍රි ලංකා රග්බි සංගමයෙහි දායකත්වයෙක් 2018 පෙබරවාරි මස 14 සහ 15 යන දෙදින තුල කිළනොච්චි මධ්‍ය මහා විද්‍යල ක්‍රිඩාංගනයේදි රග්බි පුහුණු වැඩමුළුව පවත්වන ලද අතර, මෙ අවස්ථාව සඳහා සම්පත් දායකයන් සහ පුහුකරුවන් ස්වෙච්ඡාවෙන් ශ්‍රි ලංකා රග්බි සංගමය විසින් සපයන ලදි.

2018.02. 14 වන දින නිළධාරින් 7 දෙනෙකු සහ සෙසුනිළයින් 143 දෙනෙකු කිලිනොච්චි ආරක්ෂක සේනාව නියෝජනය කරමින් පුහුණු කඳවුරේ වැඩමුළුව සඳහා සහභාගි වු අතර, 15වන දින පාසල් ළමුන් 400 කට අධික ළමුන් පිරිසක් සහභාගි වු බැවින් ඒ සියළු දෙනා හට පුහුණුකරුවන් විසින් රග්බි ක්‍රිඩා ශිල්ප හා හැකියාවන් ප්‍රගුණ කරවන ලදි.

මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් හිටපු යුද්ධ හමුදාපති ජෙනරල් දයා රත්නායන ජ්‍යෙෂ්ඨ (විශ්‍රාමික) නිළධාරි සහභාගි වු අතර,ආරක්ෂක සේනා මුලස්ථාන කිලිනොච්චි ආඥාපති තුමන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි හිටපු යුද්ධ හමුදාපති තුමන් පිලිගනු ලැබු අතර, ශ්‍රි ලංකා රග්බි සංගමයේ ප්‍රධාන විධායක නිළධාරි සහ කාර්ය සාධන අධ්‍යක්ෂක ප්‍රියන්ත ඒකනායක, බස්නාහිර පළාත් රග්බි සංගමයේ සභාපති - නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) එච් එම් මාර්ෂෝ, නවසිලන්ත ක්‍රිඩක සහ ජාතික පුහුණුකරු - පීටර් ලීඩ් මහතා සහ ශ්‍රි ලංකා රග්බි සංගමයේ අනෙකුත් කාර්ය මණ්ඩලය සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරින්, විදුහල්පතිවරුන් හා එම ගුරුමණ්ඩලය සහ දෙමාපියන් සහභාගි වන ලදි.