Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

30th January 2018 22:06:40 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් කිලිනොච්චි මල්ලාවි සහ ජයපුරම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් ළමුන් සදහා පාසල් උපකරණ බෙදාදිම

ආරක්ෂක සේනා කිලිනොච්චි ආඥාපති තුමාගේ සංකල්පයකට අනුව ආඥාපති තුමාගේ ආරාධනය පරිදි ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේඛම් මුගුණුවල අනුරුද්ධ හිමි, මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී සරණංකර හිමි, මැලේසියාවේ මහකරුණා බෞද්ධ සංවිධානයේ සභාපති ජැකොබ් චෑන් මහතා සහ ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ සාමාජිකයින්ගේ පරිත්‍යාගයෙන් කිලිනොච්චි තුණුක්කායි සහ පූනකරි ජයපුරම් ප්‍ර‍දේශයන්හි අඩු ආදායම්ලාභි පවුල්වල සිටින පාසල් ළමුන් හට පාසල් බෑග් සහ පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයක් 2018.01.28 වන දින 66 සේනාංකය සහ 65 සේනාංකයන්හි අධීක්ෂණය යටතේ මල්ලාවි මහා විද්‍යාලයේදී හා ජයපුරම් මහා විද්‍යාලයේදී පවත්වන ලදි.

ඒ අනුව මල්ලාවි මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 250 දෙනෙකු වෙනුවෙන් සහ ජයපුරම් මහා විද්‍යාලයේ පාසල් ළමුන් 250 දෙනෙකු වෙනුවෙන් මෙම පාසල් බෑග් සහ පාසල් උපකරණ බෙදාදීම සිදුකරන ලදි.

ශීර්ෂගත අවස්ථාවන් සදහා කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් අජිත් කාරියකරවන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්, 65 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සරත් වීරවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් ඇතුලු බළසේනාධිපති තුමන්ලා සහ මල්ලාවි හා ජයපුරම් පාසල්වල විදුහල්පතිවරුන්, එම ගුරුමණ්ඩලයේ මහත්ම මහත්මීන්, පාසල් ළමුන් සහ දෙමාපියන් සහභාගිවන ලදි.