Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

07th March 2018 18:56:41 Hours

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අඩු ආදායම් ලාභි දරු දැරියන්වෙත පාසල් උපකරණ සහ පාපැදි ලබාදිම

කිලිනොච්චි ප්‍රදේශයේ ජිවත්වන තොරාගත් අඩු ආදායම් ලාභි පවුල්වල දරු දැරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල නැන්විමේ අරමුණින් යුතුව කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවනගේ සංකල්පයක අනුව ගුණජය සතුට පදනමේ පුර්ණ අනුග්‍රහය ඇතිව පාපැදි හා පාසල් උපකරණ බෙදාදිමේ උත්සවයක් 2018.03.06 වනදි නෙලුම්පිය ශ්‍රවණාගාරය තුලදි පවත්වන ලදි.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දරු දැරියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල නැන්විමේ අරමුණින් හා උතුරෙ ජිවත්වන ජාතින් අතර සුහදත්වය සහජිවනය හා සංහිදියාව ඇති කිරිමේ අරමුණින් යුතුව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, ගුණජය සතුට පදනමේ නිර්මාතෘ කුෂිල් ගුණසේකර මහතා, රුපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් හා නීතීඥවරියක් වන කිශානි ඇලන්කී මහත්මිය, ග්‍රාමිය නැවත සවිබල ගැන්විමේ මධ්‍යස්ථානයේ කළමණාකාරිනි නිතාන්ජලි පෙරේරා මහත්මි,ඇතුලු සම්භාවනිය අමුත්තන් විසින් මෙහි පාසල් උපකරණ ප්‍රදානය කරන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන, ගුණජය සතුට පදනමේ නිර්මාතෘ කුෂිල් ගුණසේකර මහතා, 57 හා 65 වන සේනංකයේ සේනංකාධිපතිවරුන්, ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති, බළසේනංකාධිපතිවරුන්, ඒකක අණදෙන නිළධාරින් පාසල් දරු දැරියන් 291 දෙනෙකු සදහා පාසල් බෑග්, පාසල් නිළ ඇදුම්, නව පාවහන් මිලදි ගැනිම සදහා රු: 1000.00 වටිනාකමින් යුත් වවුචර්පත් පිරිනමන ලදි.

2016 වර්ෂයේ අ:පො:ස (සා/පෙළ) විභාගයෙන් ඉහලම ප්‍රථිපල ලබාගත් පාසල් සිසු සිසුවියන් දස දෙනෙකු සදහා නව පාපැදි ලබාගැනිම පිණිස මුදල් වවුචර්පත් පිරිනැමිම කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සමගින් ගුණජය සතුට පදනමේ නිර්මාතෘ කුෂිල් ගුණසේකර මහතා විසින් සිදුකරන ලදි.

තවද මෙම විශේෂ උත්සව අවස්ථාව සදහා පුජකවරුන්, යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරින්, නිළධාරින්, විදුහල්පතිවරුන්, සාමාන්‍ය සෙබලුන්, හා සිසු සිසුවියන් ඇතුලු දෙමාපියන් රැසක් සහභාගිවන ලදි.