Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

16th March 2018 19:35:13 Hours

දුෂ්කර ගම්මානවල පාසල් දරු දැරියන් වෙත කිලිනොච්චි යුධ හමුදාවේ අත හිත

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල්වල පාසල් ළමුන් 25 දෙනෙකු සදහා පාපැදි බෙදාදිමේ විශේෂ උත්සවයක් 2018.03.14 වන දින මිගමුව ඔරින්ට් සිංහ සමාජයේ පුර්ණ අනුග්‍රහය ඇතිව කිලිනොච්චි සහයෝගිතා මධ්‍යස්ථානය තුලදි පවත්වන ලදි.

දුෂ්කර ප්‍රදේශවල සිට විශාල දුරක් ගෙවා දමමින් අකුරු කරන්නට පාසල වෙත පැමිණෙන අඩුආදායම්ලාභි පවුල්වල සිසුන් 25 දෙනෙකු සදහා මීගමුව ඔරින්ට් සිංහ සමාජයේ අනුග්‍රහය ඇතිව නොමිලේ පාපැදි බෙදාදෙන ලදි.

තවද පාපැදි ලබාදිම තුලින් ඔවුන්ගේ අධ්‍යයාපන මට්ටම දියුණුවි උසස් සමාජයක ජිවත්වනු දැකිම කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ එකම අපේක්ෂාවයි.

මෙම විශේෂ අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි වු අතර ඒ සදහා මිගමුව සිංහ සමාජයේ හිටපු දිස්ත්‍රික් සිංහාධිපති සිංහ කැමිලස් ප්‍රනාන්දු , පලමු නියෝජ්‍ය දිස්ත්‍රික් ප්‍රධානි සිංහ දේවා පීටර් , නියෝජ්‍ය දිස්ත්‍රික් භාණ්ඩාගාරික පැලැසිඩස් පීටර් , සිංහ සමාජයේ සභාපති සිංහ සාවිත්‍රි පීටර් , සිංහ සමාජයේ ලේකම් වික්ටර් ස්ටිවන් , 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පටිවලාන, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය,65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා පීරිස්, ජ්‍යෙෂ්ඨ නිළධාරින්, එම සිසු දරු දැරියන්ගේ දෙමාපියන් යුධ හමුදාවේ විශාල පිරිසක් සහභාගිවන ලදි.