Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

15th February 2018 16:03:10 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (කිලිනොච්චි) සෙබළුන්ගේ ප්‍රයෝජනය සඳහා නවතමයෙන් ඉදිකරනු ලැබු මැහුම්හල, කරණවෑමිහල සහ සපතේරුහල විවෘත කිරිම

ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති තුමාගේ උපදෙස්වලට අනුව මෙම මුලස්ථානයෙහි රාජකාරි නියුතු නි/ සෙනින්ගේ ප්‍රයෝජනය සඳහා සෙබළුන්ගේ ශ්‍රමදායකත්වයෙන් නවතමයෙන් ඉදිකරන ලද මැහුම් හල, සපතේරු හල සහ කරණවෑමි හල 2018.02.14 වන දින සුභ මොහාතින් ආඥාපති මේජර් ජෙනරාල් ඒ කාරියකරවන යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් විසින් විවෘත කරන ලදි.

මෙම අවස්තාව සඳහා ආරක්ෂක සේනා මුලස්ථානයෙහි රාජකාරි නියුතු ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ආර්එම්පිජෙ රත්නායක ආර්එස්පි යුඑස්පි,කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් පිආර් පතිරවිතාන පිඑස්සි, කර්නල් (පාලන/භකාස) ඩිකේආර්එන් දිසානායක යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ලා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිළධාරි/ නිළධාරින් ඇතුළු රෙජිමේන්තු සැරයන් මේජර් සහ ජ්‍යෙකොනොනින්, කොනොනින් සහ සෙසුනිලයින් මේ අවස්ථාව සදහා සහභාගි වන ලදි.