Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

24th February 2018 10:20:37 Hours

ශ්‍රි ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි සංචාරය කරයි

ශ්‍රි ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු සයිඩ් මක්සුමුල් හකිම් ජ්‍යෙෂ්ඨ නිළධාරි 2018.02.17 වන දින ආරක්ෂක සේනා මුලස්ථානයකිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ‍ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් හමු වු අතර මෙහිදි ආඥාපති තුමා විසින් කිලිනොච්චි ප්‍රදේශය තුල යුධ හමුදාව විසින් සිදුකරන ප්‍රජාසත්කාර වැඩසටහන් පිලිබදව ආරක්ෂක උපදේශක කොමදෝරු සයිඩ් මක්සුමුල් හකිම් ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් දැනුවත්කරන ලදි.

අනතුරුව මෙම සංචාරය සිහිවිම පිණිස සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරන ලදි. තවද ශ්‍රි ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු සයිඩ්මක්සුමුල් හකිම් ජ්‍යෙෂ්ඨ නිළධාරි 66 වන සේනාංක මුලස්ථානයේ සංචාරය කරනු ලැබු අතර මෙහිදි ආරක්ෂක ප්‍රධානි පිලිගනු ලැබුවේ 66 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිළධාරි ලුතිතන් කර්නල් එරන්ද රත්නායක ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් විසින්.

එදින රාත්‍රි සංස්කෘතික ප්‍රශංගයක් හා රාත්‍රි භෝජන සංග්‍රහයක් ආරක්ෂක සේනා මුලස්ථානය කිලිනොච්චි ආඥාපති නිළ නිවස්නය තුලදි පිරිනමන ලදි.

තවද 2018.02.18 වන දින 57 වන සේනාංක බළප්‍රදේශයේ විශේෂ ස්ථානයන්හි සංචාරය කරන ලද අතර මෙහිදි ශ්‍රි ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු සයිඩ් මක්සුමුල් හකිම් ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් සංචාරයඅවසන් කරමින් සංචාරය සැබැදිව සමරු පොතෙහි සටහනක්ද තබන ලදි.