26th November 2023 09:44:45 Hours
ඩෙංගු වසංගතය පැතිරීමේ අවදානම අවම කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනාවේ භටපිරිස් ගොටටුව, කොටිකාවත්ත සහ මුල්ලේරියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයන්හි නොවැම්බර් මස 11, 20 සහ 23 දිනයන්හිදී විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
12th November 2023 07:09:50 Hours
2023 නොවැම්බර් 06 වන දින අධික සුළං තත්වය සහ අධික වර්ෂාපතනය හේතුවෙන් 141 වන පාබල බලසේනා බළප්‍රදේශයට අයත් මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වදුරව ප්‍රදේශයේ නිවාස 23 කට හානි සිදු වී ඇත.
12th November 2023 07:07:12 Hours
බදාදා පුහුණු දිනයට සමගාමීව මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ “රණවිරුවා” සඟරාවේ ප්‍රධාන කර්තෘ ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ සහ මේජර් සජිත් බණ්ඩාර එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) රාජකාරි නියුතු නිලධාරි/සෙසුනිලයින් හට “යුධ සාහිත්‍යය’’ සහ ‘‘සෙබල අභිප්‍රේරණය’’ පිළිබද අගනා දේශණයක් 2023.11.08 දින 4 වන කාලතුවක්කු රෙජිමේන්තු සම්මන්ත්රණ ශාලාවේදී පවත්වා ඇත.
12th November 2023 07:03:39 Hours
පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලේ භාරකාරිත්වය භාර ගැනීමෙන් අනතුරුව දිලූපා පීරිස් මහත්මිය සිය මංගල නිල සංචාරය ලෙස 2023 නොවැම්බර් 07 වැනි දින පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසල වෙත පැමිණ ඇත.
09th November 2023 15:35:16 Hours
පුත්තලම මූලික රෝහලේ අධ්යක්ෂතුමන්ගේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයේ 143 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් ආපදා පුහුණු වැඩසටහනක් එම රෝහල් පරිශ්‍රයේදී පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 31) දින පවත්වන ලදී.
26th October 2023 19:18:18 Hours
මාතර දිස්ත්‍රික්කයට අයත් මාතර, අකුරුගොඩ, පොල්වතුගොඩ සහ අත්තුඩාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල අධික වර්ෂාවෙන් විපතට පත් වූවන් සඳහා 61 වන පාබල සේනාංකයේ භට පිරිස් මේ වන විට ආපදා සහන මෙහෙයුම්වල නිරතව සිටි.
25th October 2023 16:31:46 Hours
2023.10.01 වන දින යෙදි තිබු ලෝක ළමා දිනය වෙනුවෙන් කැළණිමුල්ල සමෘද්ධි ප්‍රජාමුල සංවිධානය වෙතින් සංවිධානය කරනු ලැබු ඉතා අඩු ආදායම්ලාභි පවුල්වල ජිවත් වන දරුවන් 57ක්, දෙමාපියන් 30ක් සදහා 2023.10.21 වන දින 0900 පැයේ සිට 1300 පැය දක්වා 2(සෙව්) ශ්‍රීලපාහ ඒකක ක්‍රිඩා පිටිය හා දේශණ ශාලාවෙදි දරුවන්ගේ විනෝදාස්වාදය සදහා විනෝද ජනක වැඩසටහනක් පවත්වා දිවා ආහාර වේලක් ලබා දෙන ලදි.
25th October 2023 16:24:33 Hours
ආරක්ෂක සේනා (බටහිර) නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (ජනමාධ්‍ය) වශයෙන් මේජර් ඊ එස් එච් ටී ආරියසේන ශ්රිලයුපොහේබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිණි 2023 ඔක්තෝබර් 23 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.
25th October 2023 16:22:27 Hours
ෆොන්ටෙරා ආයතනය මගින් දෙවන අදියර යටතේ ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන තෝරාගත් පවුල් සඳහා කිරිපිටි පැකට් බෙදාදීමේ වැඩසටහන 2023 ඔක්තෝම්බර් 18 වන දින 144 පාබල බලසේනාව යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී.
25th October 2023 16:17:38 Hours
ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන තෝරාගත් පවුල් සඳහා කිරිපිටි පැකට් බෙදාදීමේ දෙවන අදියරේ වැඩසටහන ෆොන්ටෙරා ආයතනය විසින් 2023 ඔක්තෝම්බර් 12 වන දින 144 පාබල බලසේනා බළප්‍රදේශයට අයත් කඩුවෙල සහ කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේදී දියත් කරන ලදී.