Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

14th January 2024 23:37:47 Hours

144 පාබල බළසේනාධිපති රාජකාරි භාර ගනී

ගැමුණු හේවා බලකායට අයත් බ්‍රිගේඩියර් එම් කේ ඩී පී මාපලගම පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 144 පාබල බලසේනාවේ 12 වන බළසේනාධිපති ලෙස 2024 ජනවාරි 8 වන දින පැලවත්ත අකුරේගොඩ පිහිටි එම බලසේනා මූලස්ථානයේ දී රාජකාරි භාරගන්නා ලදී.

මෙහිදී බලසේනාවේ කාර්ය මණ්ඩලය විසින් නව බලසේනාධිපතිවරයා හට උණුසුම් පිළිගැනීමක් සහ 2 (V) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් ආරක්‍ෂක මුරයක්ද පිරිනමන ලදී.