29th July 2024 12:36:33 Hours
6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් දාගොන්න රණසිංහ ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ සහ මිනුවන්ගොඩ, දාගොන්න ප්‍රදේශයේ වෙසෙන ගම්වාසීන් වෙත ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 04 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
29th July 2024 12:26:43 Hours
බ්‍රිගේඩියර් එස් එන් එම් ඒ බී අරඹේපොල ආර්ඩබ්ලිව්පී 613 පාබල බලසේනාවේ නව ආඥාපතිවරයා ලෙස 2024 මාර්තු 04 වන දින එම පරිශ්‍රයට පැමිණි විගස ආරක්ෂක රැස්වීමක් ඇතුළුව හමුදා විධිවිධාන මධ්‍යයේ වැඩ භාර ගන්නා ලදී. විධිමත් හමුදා උත්තමාචාරවලින් අනතුරුව, බ්‍රිගේජ් SNMAB අරඹේපොල RWP විසින් ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත් අතර, සිය නව නිලය භාරගැනීම සනිටුහන් කිරීම සඳහා නිල ලේඛනයකට සිය අත්සන යොදන ලදී. ඉන් අනතුරුව නව බලසේනාධිපතිතුමන් විසින් එම පරිශ්‍රයේ රාජකාරී භාරගැනීම සනිටුහන් කරමින් පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද අසුන් ගත්හ. ඉන් අනතුරුව, නව බලසේනාධිපතිතුමන් විසින් සියළුම නිළයන් සමඟ සංග්‍රහ බෙදා ගනිමින්
භට පිරිස් අමතා, විනයේ වැදගත්කම සහ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා එහි අනිවාර්ය කාර්යභාරය අවධාරණය කරන ලදී.
03rd July 2024 15:52:47 Hours
‘Fortress Events International Institute’ සහ ‘Southern Province Dharmapala Parapura’ සංවිධානය විසින් 2024 පෙබරවාරි මස 29 දින සංවිධානය කරනු ලැබූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා 2 (සෙව්) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එස්.එන්.එල්.එල්. ද සිල්වා ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.
03rd July 2024 13:04:01 Hours
141 පාබල බලසේනාවේ 13 වන බලසේනාධිපති ලෙස කර් නල් ආර් ආර් ඩී එස් ධර් මවික්රම ආර් එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 පෙබරවාරි 29 දින එම පාබල බලසේනා මුලස්ථානයේදී නිල වශයෙන් සිය රාජකාරි භාරගන්නා ලදී.
20th March 2024 16:37:27 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නව බ්‍රිගේඩියර් ප්‍රධාන මණ්ඩලික ලෙස බ්‍රිගේඩියර් බී පී ජී කේ බාලසූරිය ආර්එස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 මාර්තු 04 වන දින සුභ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.
09th March 2024 06:38:35 Hours
ආරක්ෂක සේනා (බටහිර) නව කර්ණල් සමිබණ්ධිකර නිලධාරි වශයෙන් කර්ණල් කේ එමි ජි එස් කොඩිතුවක්කු ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 මාර් තු 01 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.
07th March 2024 23:56:58 Hours
8 ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්, කොළඹ සහ ගම්පහ ගිනි නිවන ඒකකයන් සමඟින් එක්ව පසුගිය බදාදා (පෙබරවාරි මස 28) දින ‘BSP Mendis and Company (Pvt) Ltd ආයතනයට අයත් කඩුවෙල ප්‍රදේශයේ ස්ථාපිත ‘Gragin Pipeline’ අංගනයේ ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට කඩිනමින් කටයුතු කරනු ලැබීය.
07th March 2024 21:51:10 Hours
3 (සෙවි) ගැමුණු හේවා බලකායේ සහ 12 (සෙවි) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පෙබරවාරි 20 දින සිට 22 දින දක්වා මාතර දිස්ත්‍රික්කයේ ලයචිකිත්සකාගාර ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරන ලදී.
03rd March 2024 09:05:47 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර සහ විනයාරක්ෂක අධ්යක්ෂ මණ්ඩලය ඒකාබද්ධව 2024 පෙබරවාරි මස 27 සහ 28 දෙදින තුළ අපරාධ සිදුකිරීමට යොමුවීම වැළැක්වීමේ අරමුණින් ඒ පිළිබඳ දේශන මාලාවක් පැවැත්විය. ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර පරිශ්‍රයේදී පැවති මෙම දේශන මාලාව සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
03rd March 2024 08:59:42 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයන් 313 කගේ සහභාගීත්වයෙන් 2024 පෙබරවාරි මස 22 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ‘රථවාහන නඩත්තුව’ පිළිබඳ එක්දින වැඩමුළුවක් පවත්වන ලදී.