31st July 2024 14:13:45 Hours
2024 අප්‍රේල් 2 වන දින සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන ලද සංකේත වැඩවර්ජනයක් සිදු කර අතර එම වැඩවර්ජනයෙන් බලපෑමට ලක් වූ රෝහල් වෙත ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) භට පිරිස් විසින් සහය දක්වන ලදී.
ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) යටතේ පාලනය වන ඒකක වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ 14 බලඇණිය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 8 බලඇණිය සහ ශ්‍රී ලංකා 1 කාන්තා බලකායේ භට පිරිස් කොළඹ ජාතික රෝහලේ සහ කරාපිටිය ශික්ෂණ රෝහලේ අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා කඩිනමින් සහාය වූහ.
යුද්ධ හමුදාපති තුමන්ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) ආඥාපති තුමන්ගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම සිදු කරන ලදී.