13th January 2024 20:10:09 Hours
14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් රට වෙනුවෙන් දිවිපිදූ එම ඒකකයේ රණවිරුවන් වෙත උපහාර පිදීමේ අරමුණින් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 27) දින මහරහම ‘අපේක්ෂා‘ රෝහලේ රෝගීන් සඳහා දිවා අහාරය ලබා දෙන ලදී.
22nd December 2023 14:15:47 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) වෙතින් සංවිධානය කරන ලද බදාදා පුහුණු වැඩසටහනට සමගාමීව 2023 දෙසැම්බර් 20 වන දින ඉංජිනේරු සේවා රෙජිමේන්තු දේශන ශාලාවේදී විශේෂඥ මනෝවෛද්‍ය බ්‍රිගේඩියර් රොෂාන් මොණරාගල යූඑස්පී ඇතුළු ශ්‍රී ලංකා යුද හමුදා නිවාරණ වෛද්‍ය අධ්යක්ෂ කාර්යාලයේ දෙශක කණ්ඩායමක් විසින් ඉතා හරවත් දේශන මාලාවක් පැවැත්විය.
22nd December 2023 12:54:16 Hours
ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල අසල පිහිටි ඉදිකිරීම් ස්ථානයක් තුළ පස් කන්දක් කඩාවැටීමෙන් එම ස්ථානයේ සේවයේ නිරතව සිටි කම්කරුවන් තිදෙනෙකු පස් කන්දට යට වූ අතර ඔවුන් බේරාගැනීම සඳහා 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් සෙනසුරාදා (දෙසැම්බර් මස 09) දින පස්වරුවේ සිය දායකත්වය ලබාදුන්හ.
22nd December 2023 12:49:51 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නව බ්‍රිගේඩියර් (පාලන/භකාස) ලෙස බ්‍රිගේඩියර් ආර් ඩී සලේ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2023 දෙසැම්බර් 7 වන දින සුබ මොහොතින් සිය තනතුරෙහි වැඩ භාර ගන්නා ලදී.
22nd December 2023 12:46:00 Hours
144 පාබල බලසේනා මුලස්ථාන බළප්‍රදේශයට අයත් බත්තරමුල්ල ජයවඩනගම මෛත්‍රී ධර්මායථන විහාරයේ කඨීන පිංකම සිදුකර ගැනිම සදහා විහාරස්ථානය අවට පිරිසිදු කිරිමට සහ තීන්ත ආලේපනය කිරිම සඳහා 2023 නොවැමිබර් මස 25 සහ 26 දිනයන්හි සිය ශ්‍රම දායකත්වය ලබා දී ඇත.
26th November 2023 10:09:01 Hours
මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මීගමුව වෙරළ තීරය වෙත ගසාගෙන පැමිණි කොටන්, ගස් සහ ගස්වල අතු කපා ඉවත් කරදෙන ලෙස ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා භට පිරිස් සහාය ලබාදෙන ලදී.
26th November 2023 09:58:24 Hours
2023 නොවැම්බර් මස 01 වන දිනට 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව පිහිටුවා වසර 34 ක් සම්පූර්ණ වීම නිමිති කර ගනිමින් ඒකකයේ දිවිපිදූ, අතුරුදහන් රණවිරුවන් හා රණක්ෂිතයට පත්ව සිටින රණවිරුවන්හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් එදින ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් බෝධිපූජාමය පිංකමක් කදවුරු භූමියේදී සිදුකරණ ලදි.
26th November 2023 09:54:31 Hours
පුත්තලම, තබ්බෝව ශ්‍රී ශාක්‍ය මුනින්දාරාම විහාරස්ථානයේ කඨින චීවර පූජා පිංකම නොවැම්බර් මස 15 දින 7 කණුව ප්‍රදේශයේදී පැවති අතර, එම පුණ්‍ය වැඩසටහන සාර්ථකව සිදුකිරීම සඳහා පුත්තලම ප්‍රදේශයේ ස්ථාපිත 143 පාබල බලසේනාවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය ලබාදුන්හ.
26th November 2023 09:50:45 Hours
පුත්තලම ප්‍රදේශයේ වන වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පුත්තලම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂතුමන් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 143 පාබල බලසේනාවට අයත් 16 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් එම ඒකකයේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය මත පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 16) දින පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කල්අඩි ප්‍රදේශයේ මාර්ගය දෙපස කරඳ පැළ 400 ක් රෝපණය කරනු ලැබීය.
26th November 2023 09:47:42 Hours
දින කිහිපයකට ප්‍රථම බලංගොඩ, උඩවෙල, හොරන්කදුරු ප්‍රදේශයේ ඇතිවූ නායයෑමෙන් එම ප්‍රදේශයේ ජීවත් වූ පවුල් රැසක් අවතැන් වූ අතර පසුගිය අඟහරුවාදා (14) දින රාත්‍රියේ 61 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 611 පාබල බලසේනාවට අයත් 8 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබීය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම මුදවාගැනීමේ මෙහෙයුමේදී එකම පවුලේ මව්පියන් දෙදෙනා සහ දියණියන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගනු ලැබීය.