Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

31st January 2024 19:21:05 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් වෙනුවෙන් ‘විගණන දෝෂ අවම කිරීම’ පිළිබඳ දේශනයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියතු භටපිරිස් වෙනුවෙන් පසුගිය බදාදා (ජනවාරි මස 24) දින පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ‘විගණන දෝෂ අවම කිරීම’ තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන සංවිධානය කෙරිණි. මෙම දේශනය ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර කර්නල් පාලන සහ භඨකාර්ය සම්පාදන ගේ සම්බන්ධීකරණයෙන් පැවැත්විණී.

අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මේජර් ඩබ්ලිව්.ජී.ජේ.එම්.ඩී.එස් ජයසිංහ සහ ලුතිනන් එච්.පී.ආර් රණසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දේශනය සදහා නිලධාරීන් 53 දෙනෙක් සහ සෙසුනිලයන් 354 දෙනෙකු සහභාගි වූහ.