Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

11th February 2024 16:03:11 Hours

පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලෙහි භාරකාරිත්වය සදහා නවතමයෙන් පත්වූ සමන්කා ප්‍රනාන්දු මහත්මිය එහි සංචාරයක නිරත වෙයි

පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලේ භාරකාරිත්වය භාර ගැනීමෙන් අනතුරුව සමන්කා ප්‍රනාන්දු මහත්මිය සිය මංගල නිල සංචාරය ලෙස 2024 ජනවාරි 31 වැනි දින පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසල වෙත පැමිණ ඇත.

එහිදී සමන්කා ප්‍රනාන්දු මහත්මිය පෙරපාසලෙහි පන්තිකාමර වෙත ගොස් පෙරපාසල් දරුවන් සහ ගුරුවරුන් සමඟ සුහද කතා බහක නිරත වූ අතර, එහිදී පෙර පාසලේ වත්මන් තත්ත්වය, සංවර්ධන ව්‍යාපෘති සහ පෙර පාසලේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳව ද සාකච්ඡා කර ඇත.