29th July 2024 15:59:46 Hours
14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නලින් බණ්ඩාරනායක යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයට අනුව 2024 මා ර් තු 18 වන දින අලුතින් කැණවැමි හලක් ඉදිකර විවෘත කරන ලදී.
29th July 2024 15:09:07 Hours
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ අර්එස්පි යුඑස්පි එන්ඩිසි ගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලද වත්මන් ආර්ථික තත්ත්වය මධ්‍යයේ ශ්‍රී ලංකා යුද හමුදාව සහ සිවිල් සමාජය අතර සුහදතාවය වර්ධනය කිරීම සහ ප්‍රජාව මුහුණ දෙන අභියෝග සමනය කිරීම යන වැඩසටහන සදහා 1 වන ශ්‍රී ලංකා යුධ හමුදා පුරෝගාමී බළකාය විසින් 2024 මා ර් තු 13 වන දින වලල්ලාවිට මගුරුමස්විල විද්‍යාලයේදී පාසල් බෑග් ප්රදානය කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන සදහා 612 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම් ඩබ්ලිව් එස් මිල්ලගල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ද සහභාගි විය.
29th July 2024 14:47:11 Hours
61 වන පාබල සේනාංකයේ භට පිරිස් සඳහා මෙම කැරලි මර්දන වැඩමුළුව සංවිධානය කර තිබුණේ රට තුළ විකාශනය වන දේශපාලන පසුබිම සහ රට තුළ ආරක්ෂාව පවත්වා ගැනීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්. බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එස්ඩබ්ලිව් එම් ප්‍රනාන්දු ඩබිලිවිඩබිලිවිවී ආර්ඩබිලිවිපි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි, භට පිරිස් සූදානම ඉහළ නැංවීමට සහ මහජන විරෝධතා ඵලදායී ලෙස කළමනාකරණය කිරීමට මෙම මුලපිරීම මෙහෙයවන ලදී.
29th July 2024 14:32:47 Hours
රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීම පරිදි උඩවලව - ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩමුළුවේ 2 x 20 භට පිරිස් විසින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වවුල්පනේ කෝමාරිකා රක්ෂිතයේ හටගත් ගින්නක් සාර්ථකව මැඩපවත්වා ඇත.
29th July 2024 14:24:30 Hours
611 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මාර්තු මස 10 දින කෑගල්ල ප්‍රදේශයේ පිහිටි අලගල්ල කඳුවැටියේ බෑවුම් ප්‍රදේශයෙන් ඇදවැටුණු විශ්වවිද්‍යාල විද්‍යාර්ථයෙකු බේරාගැනීමට කටයුතු කරනු ලැබීය.
29th July 2024 12:53:28 Hours
14 වන පාබල සේනාංකය විසින් 2024 මා ර් තු 5 වන දින 6 වන බලඇණි ගජබා රෙජිමේන්තු පරිශ්‍රයේ දී 'සියලු නිලධාරි සෙසු නිල සුහද හමුවක් ' පවත්වන ලදී.
29th July 2024 12:36:33 Hours
6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් දාගොන්න රණසිංහ ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ සහ මිනුවන්ගොඩ, දාගොන්න ප්‍රදේශයේ වෙසෙන ගම්වාසීන් වෙත ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 04 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
29th July 2024 12:26:43 Hours
බ්‍රිගේඩියර් එස් එන් එම් ඒ බී අරඹේපොල ආර්ඩබ්ලිව්පී 613 පාබල බලසේනාවේ නව ආඥාපතිවරයා ලෙස 2024 මාර්තු 04 වන දින එම පරිශ්‍රයට පැමිණි විගස ආරක්ෂක රැස්වීමක් ඇතුළුව හමුදා විධිවිධාන මධ්‍යයේ වැඩ භාර ගන්නා ලදී. විධිමත් හමුදා උත්තමාචාරවලින් අනතුරුව, බ්‍රිගේජ් SNMAB අරඹේපොල RWP විසින් ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත් අතර, සිය නව නිලය භාරගැනීම සනිටුහන් කිරීම සඳහා නිල ලේඛනයකට සිය අත්සන යොදන ලදී. ඉන් අනතුරුව නව බලසේනාධිපතිතුමන් විසින් එම පරිශ්‍රයේ රාජකාරී භාරගැනීම සනිටුහන් කරමින් පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද අසුන් ගත්හ. ඉන් අනතුරුව, නව බලසේනාධිපතිතුමන් විසින් සියළුම නිළයන් සමඟ සංග්‍රහ බෙදා ගනිමින්
භට පිරිස් අමතා, විනයේ වැදගත්කම සහ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා එහි අනිවාර්ය කාර්යභාරය අවධාරණය කරන ලදී.
03rd July 2024 15:52:47 Hours
‘Fortress Events International Institute’ සහ ‘Southern Province Dharmapala Parapura’ සංවිධානය විසින් 2024 පෙබරවාරි මස 29 දින සංවිධානය කරනු ලැබූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා 2 (සෙව්) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එස්.එන්.එල්.එල්. ද සිල්වා ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.
03rd July 2024 13:04:01 Hours
141 පාබල බලසේනාවේ 13 වන බලසේනාධිපති ලෙස කර් නල් ආර් ආර් ඩී එස් ධර් මවික්රම ආර් එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 පෙබරවාරි 29 දින එම පාබල බලසේනා මුලස්ථානයේදී නිල වශයෙන් සිය රාජකාරි භාරගන්නා ලදී.