09th August 2024 12:03:27 Hours
14 පාබල සේනාංක විසින් පාලනය වන 2 (සෙවි) ශ්‍රී ලංකා පාබල හමුදාවේ දේශන ශාලාවේ 2024 මැයි 8 වන දින පුහුණු වැඩසටහනට සමගාමිව සංවිධානය කරන ලද ආර්ථික ප්‍රශ්න විසඳීම, සෞඛ්‍ය සම්පන්න පවුල් ජීවිතයක් පවත්වාගෙන යාම, මානසික ආතතිය පාලනය කිරීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම පිටුදැකීම ඇතුළු විවිධ මාතෘකා ඔස්සේ ශ්‍රි ලංකා යුද හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය අධ්යක්ෂ මණ්ඩලයේ විශේෂඥ මනෝ වෛද්‍ය බ්‍රිගේඩියර් ආර්.එම්.එම් මොනරාගල යූ.එස්.පී, උපදේශක සායනික මනෝවිද්‍යා ලුතිනන් කර්නල් යූ.ජී. මල්ලවාරච්චායි ආර්.එස්.පී.යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් දේශන පැවැත්විණි.
14 පාබල සේනාංක විසින් පාලනය වන සියලු ඒකක නියෝජනය කරමින් නිලධාරීන් 8 දෙනෙකු සහ සෙසු නිලයින් 160 දෙනෙකු ද මෙම දේශන සදහා සහභාගී විය.