02nd August 2024 12:42:33 Hours
142 පාබල බලසේනාවේ 37 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩීඑස්එස් රදලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 මැයි 6 වන දින කොහුවල බලසේනා මූලස්ථානයේදී රාජකාරි භාර ගන්නා ලදී.
142 පාබල බලසේනා පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ඩීඑස්එස් රදලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි බලසේනාවේ කාර්ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගත් අතර, හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරයන් පුදකළහ. එමේන්ම සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව, පූජනීය බෞද්ධ චාරිත්‍රයක් වන පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව බලසේනාධිපතිවරයා නිල වශයෙන් සිය රාජකාරී ආරම්භ කළේය.
අනතුරුව, එතුමන් සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන් අමතමින් තම ඉදිරි දැක්ම ප්‍රකාශ කළේය., ඉන් අනතුරැව සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් තේ පැන් සංග්‍රහයකින් මෙම සිදුවීම් මාලාව අවසන් වූහ.