11th February 2024 16:53:34 Hours
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒජේඑන් රණසිංහ ආර්එස්පී යුඑස්පී එන්ඩිසි විසින් එම සේනාංකයේ නවතමයෙන් ඉදිකරන ලද නිවාඩු බංගලාව සහ සෙසු නිලයින්ගේ භඨ නිවාසය විවෘත කිරීමේ උත්සවය 2024 පෙබරවාරි මස 02 වන දින පවත්වා ඇත.
11th February 2024 16:45:52 Hours
ආරක්ෂක සේනා (බටහිර) නව සිවිල් සමිබන්ධීකරණ නිලධාරි වශයෙන් ලුතිනන් කර්නල් එස්කේ ගමගේ ශ්‍රීලංජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 පෙබරවාරි 05 වන දින සුභ මොහොතින් සිය තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.
11th February 2024 16:19:10 Hours
දිවයින පුරා රජයේ රෝහල්වල වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යංශය වෙතින් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත මජනතාවට අත්‍යාවශ්‍ය වෛද්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අද (පෙබරවාරි මස 1) දින යුද්ධ හමුදා භටපිරිස් සිය දායකත්වය ලබාදෙනු ලබයි.
11th February 2024 16:09:41 Hours
8ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් රත්නපුර ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 127 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් බටතොට, ආනන්ද චේතිය විහාර පරිශ්‍රයේදී පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 30) දින පවත්වනු ලැබීය.
11th February 2024 16:03:11 Hours
පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලේ භාරකාරිත්වය භාර ගැනීමෙන් අනතුරුව සමන්කා ප්‍රනාන්දු මහත්මිය සිය මංගල නිල සංචාරය ලෙස 2024 ජනවාරි 31 වැනි දින පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසල වෙත පැමිණ ඇත.
31st January 2024 19:21:05 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියතු භටපිරිස් වෙනුවෙන් පසුගිය බදාදා (ජනවාරි මස 24) දින පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ‘විගණන දෝෂ අවම කිරීම’ තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වීය.
31st January 2024 19:17:02 Hours
613 පාබල බළසේනාවෙහි 13 වන සංවත්සරය 2024 ජනවාරි 20 වන දින බලසේනාධිපති කර්නල් යුආර්අයිබී රණතුංග ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙස්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් සමරන ලදී.
31st January 2024 18:47:03 Hours
61 වන පාබල සේනාංකයේ නව නියෝජ්‍ය සේනාංකාධිපති වශයෙන් බ්‍රිගේඩියර් ඩබ්ලිව්එම්එල්එස් දයාවංශ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ජනවාරි 18 වන දින එම සේනාංක මුලස්ථානයේදී නිල වශයෙන් සිය රාජකාරි ආරම්භ කරන ලදී.
31st January 2024 18:28:43 Hours
2024 ජනවාරි 16 වන දින සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති ඒකාබද්ධව සිදුකරනු ලැබූ වැඩ වර්ජනයක් හේතුවෙන් රෝගීන් හට සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීම සදහා 61 වන පාබල සේනාංකයේ භට පිරිස් ඔවුන්ගේ සහය දක්වන ලදී.
31st January 2024 18:13:02 Hours
2024 ජනවාරි 11 වන දින සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති ඒකාබද්ධව සිදුකරනු ලැබූ වැඩ වර්ජනයක් හේතුවෙන් රෝගීන් හට සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීම සදහා 61 වන පාබල සේනාංකයේ භට පිරිස් ඔවුන්ගේ සහය දක්වන ලදී.