29th July 2024 15:09:07 Hours
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ අර්එස්පි යුඑස්පි එන්ඩිසි ගේ මඟපෙන්වීම යටතේ පවත්වන ලද වත්මන් ආර්ථික තත්ත්වය මධ්‍යයේ ශ්‍රී ලංකා යුද හමුදාව සහ සිවිල් සමාජය අතර සුහදතාවය වර්ධනය කිරීම සහ ප්‍රජාව මුහුණ දෙන අභියෝග සමනය කිරීම යන වැඩසටහන සදහා 1 වන ශ්‍රී ලංකා යුධ හමුදා පුරෝගාමී බළකාය විසින් 2024 මා ර් තු 13 වන දින වලල්ලාවිට මගුරුමස්විල විද්‍යාලයේදී පාසල් බෑග් ප්රදානය කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන සදහා 612 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම් ඩබ්ලිව් එස් මිල්ලගල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ද සහභාගි විය.
උත්සවයේ පරිත්‍යාගශීලීන් වන උමේෂ් ගුණසේකර මහතා සහ "ආතා හිත" පුණ්‍යායතනයේ සම්බන්ධීකාරක ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා විසින් සිසුන් 150 දෙනෙකු සඳහා පාසල් බෑග් සහ දිවා ආහාරය ලබා දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 1 වන ශ්‍රී ලංකා යුධ හමුදා පුරෝගාමී බලකායේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් ආර් පි සි එන් පියතිස්ස එල්එස්සි යන නිළධාරී සහභාගී විය.