Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

31st January 2024 17:58:14 Hours

16 ගජබා රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ භටපිරිස්, ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක්

නොරොච්චෝලේ ලක්විජය තාප විදුලි බලාගාරය සුරක්‍ෂිත කිරීමේ අරමුණින් 16 ගජබා රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ භටපිරිස් වෙත පසුගිය බ්‍රහස්පතින්දා (ජනවාරි මස 11) දින ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක් පැවැත්විණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 143 පාබල බලසේනාවේ බලසේනාධිපති හා 16 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම පුහුණු අභ්‍යාසය පැවැත්විණි.

නොරොච්චෝලේ ලක්විජය තාප විදුලි බලාගාරයේ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සිදුකරනු ලැබූ අභ්‍යාසයට සමගාමීව පොලිසිය සමඟ එක්ව සෝදිසි මෙහෙයුම් ද දියත් කරනු ලැබීය.