Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

31st January 2024 18:13:02 Hours

61 පාබල සේනාංකයේ භට පිරිස් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට සහාය වෙති.

2024 ජනවාරි 11 වන දින සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිති ඒකාබද්ධව සිදුකරනු ලැබූ වැඩ ව ර් ජ න ය ක් හේතුවෙන් රෝගීන් හට සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීම සදහා 61 වන පාබල සේනාංකයේ භට පිරිස් ඔවුන්ගේ සහය දක්වන ලදී.

මේ සදහා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආ ර් එස් පී එන්ඩියු විසින් ලබාදී ඇති උපදෙස් මත ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් එස්ඩබ්ලිව්එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසි පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආ ආර් ඒ ජේ එන් රණසිංහ ආර්එස්පී යුඑස්පී එන්ඩිසි ගේ පූර්ණ අධික්ෂණය යටතේ යුද්ධ හමුදා භට පිරිස් සහභාගී කරවන ලදී.

මෙහිදී 8 වන ගැමුණු හේවා බළඇණිය, 9 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 2 (V) ගැමුණු හේවා බළඇණිය, 3 (V) ගැමුණු හේවා බළඇණි භට පිරිස් සිය සහය දක්වන ලදී.